කුරක්කන් සහ කොස් එකතුවෙන් වටිනා නිෂ්පාදන සිදු කරන ආර්ථික විද්‍යාව උපාධිධාරිනිය නිමේෂා දුලාංජලී

බඩගින්න නිවා ගැනීම සඳහා සඳහා ක්ෂණික ආහාරවලට පුරුදු වී සිටින බොහෝ දෙනාට අපේ දේශීය ආහාර වල තිබෙන වටිනාකම පිළිබඳව අවබෝධයක් නැහැ.
නමුත් වර්තමානය වන විට අයහපත් ආහාර රටාව නිසා ඇතිවන ලෙඩ රෝග විශාල ප්‍රමාණයක් තිබෙන අතර කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මෙම රෝගයන්ට ගොදුරු වී සිටිනවා.
මේ නිසා එවැනි කෘතිම ආහාර වලින් වැළකී දේශීය ආහාරවල ඇති වටිනාකම තේරුම් ගනිමින් තමන්ගේ ආහාර වේල සඳහා දේශීය වටිනවා පෝෂදායී ආහාර වලට යොමු වීම මේ දිනවල දැකගැනීමට හැකි කරුණක් වන්නේ ශරීරයේ ට අවශ්‍ය නිරෝගී බව සහ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම සඳහා වේ.

අපේ අතීත මුතුන්මිත්තන් ශක්තිමත් ව සිටියේ ඔවුන් ආහාරයට ගත් අපේ රටේ දේශීය ආහාරපාන නිසා වේ. කොස් සහ කුරක්කන් වලට හිමිවන්නේ ඉතා විශේෂ ස්ථානයක්.
එම වටිනා අමුද්‍රව්‍ය වන කොස් සහ කුරක්කන් භාවිතා කර අපේ රටේ ආර්ථික විද්‍යා උපාධිධාරිණියක් විසින් අලූත්ම නිෂ්පාදන ගණනාවක් සිදු කරනු ලබනවා.
මේ ඒ පිළිබඳ විස්තරයයි. ඇය නමින් නිමේෂා දුලාංජලී වේ. ඇය විසින් සිදු කරනු ලබන්නේ කුරක්කන් සහ කොස් භාවිතා කර විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කිරීමයි මෙහිදී ඇය විසින්. කොස් ඇට, කොස් මදුලු කුරක්කන් භාවිතා කරමින් ටොෆී වර්ග , බිස්කට් වර්ග මෙන්න බයිට් වර්ග සාදන ලබනවා.

මෙම නිෂ්පාදන සියල්ල සඳහා සිදු රසකාරකයක් හෝ වන්න කාරකයක් යොදන්නේ නැති අතර ඒවායේ තිබෙන්නේ ස්වාභාවික වර්ණයන් වේ.
ඇයගේ මෙම නිෂ්පාදන දේශීය වෙළඳපොළට මෙන්ම විදේශීය වෙළෙඳ පොළේ ද ඉතා ඉහළ ඉල්ලුමක් පවතින නිෂ්පාදන බව ඇය පවසා තිබෙනවා.
ඇයට විශ්ව විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘතියක් ලෙස මෙම කාර්යය සඳහා මුල පුරා තිබූ අතර . අද වන විට ඇය විසින් මෙය මෙය ව්‍යාපාරයක් බවට පත් කර ගන්නට සමත් වී සිටිනවා.

ඒ අනුව 2019 වර්ෂයේදී ඇය මෙම ව්‍යාපාරය සඳහා යොමු වූයේ වී තිබෙන අතර මුල් අවස්ථාවේදී ඇය විසින් කොස් සහ කුරක්කන් භාවිතා කර බිස්කට් සෑදීම සිදු කරනු ලැබූ අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක් පැවතුන නිසා ඇයට එම නිෂ්පාදන විදෙස් වෙළෙඳපොළ ද යොමු කිරීමේ හැකියාව උදා වනවා.
දේශීය දේ අගය කරන අපේ රටේ අපේම දියණියකගේ අතින් නිෂ්පාදනය වන මෙවන් වටිනා ගුණදායක ආහාර ඔබගේ දෛනික ආහාර වලට එකතු කරගන්න අමතක කරන්න එපා









