ගොසිප් පුවත්තරු ගොසිප්

නව යොවුන් වියේ මෙන් රූ සපුපක් හිමි ගින්දර වගේ පෙනුමක් තිබෙන ජනප්‍රිය නිළි පබෝධා සංදීපනි

මෙරට සිනමා ක්ෂේත්‍රයෙන් නිර්මාණය වූ විනෝදාත්මක සිනමා නිර්මාණයක් ලෙස “බහුබූතයෝ ” සිනමා කෘතිය “ගින්දරී” සිනමා කෘතිය පෙන්වා දිය හැක.

මේ සිනමා කෘති දෙක පිළිබඳ මතකයට නැගෙන විට අමතක නොවන සුන්දර මුහුණක් තිබෙනවා. එම සිනමා කෘතිවල ප්‍රධාන චරිතය නිරූපණය කරන සුන්දර රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන පබෝදා සංදීපනි නිසයි..

මෙම සිනමා කෘති දෙකේ ඇය ටිකිරි නැමැති යක්ෂණියකගේ චරිතයක් නිරූපණය කරනු ලබනවා. ඉදිරියේදි  ගින්දරී කාතා මාලාවේ 3 වන කොටසත් ප්‍රේක්ෂක ඔබට දැක ගැනීමේ අවස්ථාව උදා වේ.

ඇයගේ සුන්දර පෙනුමත් එම චරිතය රඟ දැක්වීමේදී ඇයගේ ඉස්මතු විම රංගන හැකියාවක් නිසා ඇය අදටත් බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ ගින්දරී යන නමිනි.

මෙරට සිනමාවේ පුංචි තිරයේත් වේදිකාවෙත් තමන්ගේ රංගන දක්ෂතා පෙන් වූ විශේෂ රංගන ශිල්පිනියක් ලෙස පබෝදා සන්දීපනි හඳුන්වන්න පුළුවන්. ඒ ගැන කතා කරන විට ඇයගේ මව පිළිබඳව ද කතා කළ යුතුම වෙයි.

ඊට හේතුව වන්නේ පබෝධා සංදීපනීගේ මවත් මෙරට ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීමයි ඇය නමින් ගීතා කාන්ති ජයකොඩි වේ. මව මෙන් රංගනයට දස්කම් දක්වන මේ සුන්දර රංගන ශිල්පිනිය එදා මෙන්ම අදත් ඇයගේ සුන්දරත්වය රැක ගනිමින් ප්‍රේක්ෂකයා අතර ආදරය දිනාගත් නිහතමානී කලාකාරිනියක් වේ.

පබෝදා මේ වන විට ආදරණීය පුතෙකුගේ මවක් වේ . තම දරුවාගේ කටයුතු රංගන කටයුතු නිසා කාර්යබහුල තැනැත්තියක් වශයෙන් ඇය මේ දිනවල කටයුතු කරනු ලබනවා. බොහෝ ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත් මේ සුන්දර චරිතයක් වෙන පබෝදාගේ ලස්සන ජයාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button