අවුරුදු 18ක් වන එංගලන්ත සම්භවයක් සහිත ශ්‍රී ලාංකික යුවතියක් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනයි

පසුගිය දිනක ‘මිස් ශ්‍රී ලංකා‘ රූ රැජින තරගාවලියේ අවසන් අදියර කොළඹ දී පවත්වන්නට වු අතර සුන්දර සුරූපිනියන්ගණනාවක් මේ සදහා සහභාගී වීම දක්නට ලැබුනා.
මෙම තරගාවලිය පවත්වනු ලබන්නේ 2021 ලෝක රූ රැජින තරගාවලිය‘ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සුන්දර යුවතිය තේරීම සදහා වේ. 2021 ලෝක රූ රැජින තරගාවලිය මෙවර පවතවනු ලබන්නේ පෙටෝ රිකා හි වේ.
ඉතින් මේ සුන්දරියන් අතරින් එම වාසනාව හිමි කර ගන්නට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සදහා සහභාගී වු ෂාඩේ ග්‍රීන්වුඩ් හටයි. ඇය වයව අවුරුදු 18 ක යුවතියක් වනවා.
ඇය පිළිබද වැඩි දුරත් තා කරන විට ඇය එංගලන්ත සම්භවයක් සහිත ශ්‍රී ලාංකික යුවතියක් වනවා. ඇයගේ මව ලාංකීක කාන්තාවක් වන අතර පියා බ්‍රිතාන්‍ය සහ ජර්මානු සම්භවයක් සහිත පුද්ගලයෙකි.
අවුරුදු 14 දී පමණ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන මේ සුන්දර යුවතිය ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය හදාරමිනු ලබනවා.
ඇයට මෙම ‘මිස් ශ්‍රී ලංකා‘ තරගාවලිය සහභාගී වන්නට ඇයව උනන්දු කරන්නේ ඇයගේ හොදම මිතුරය වේ. සැබැවින්ම ඇයටම අවේණික වු වෙනස්ම විදිහේ සුන්දරත්වයකින් යුතු යෞවනියක් වශයෙන් ෂාඩේ ග්‍රීන්වුඩ් පෙන්වා දෙන්නට පුළුවන්.

‘මිස් ශ්‍රී ලංකා‘ කිරුළ මගේ හිසේ පලඳින්නට හැකිවීම ගැන ඇයගේ අදහස් දැක්වීම
”මම ඇත්තටම සතුටු වෙනවා ‘මිස් ශ්‍රී ලංකා‘ කිරුළ මගේ හිසේ පලඳින්නට හැකිවීම ගැන. කුඩා කාලෙදිත් මට හිතුණා මේ ලෝකය වෙනස් කරන්න පුංචි මටත් පුළුවන් වේවි කියලා.
ඇත්තටම, අද මම ඒ අභියෝගය භාරගෙන එය සාර්ථකව නිමකරලා තියෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ මගේ රට මගේ ජනතාව වෙනුවෙන් මගේ යුතුකම ඉටුකරන්නයි.
ඒ වෙනුවෙන් මම වෙහෙසෙනවා. කවදාහරි මට ඕනේ ජාත්‍යන්තර වේදිකාවක මගේ රට නියෝජනය කරන්නයි. මම ඒ ඉලක්කයත් ජය ගෙන තියෙනවා.
දැන් මේ දෙසැම්බරයේ පෝටෝ රිකෝවල තියෙන ‘2021 ලෝක රූ රැජින ‘ තරගයට සහභාගී වෙලා මගේ රටට කීර්තියක් ලබා දීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ.”
අපේ රට නියෝජනය කරමින් 2021 ලෝක රූ රැජින තරගයට සහභාගි වී අපේ රටට කිරුළ ගෙන එමට ඇයට හැකි වේවා යැයි ශ්‍රී ලාංකීක අපි ඇයට හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
උපුටා ගැනීමකි








