
මෙරට ප්රේක්ෂකයා අතර වැඩි ආදරයක් දිනාගත් නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් සිටින අතර. ඔවුන් අතරින් ඉතාමත් සුවිශේෂී රංගන ශිල්පිනියක් වශයෙන් ශලනි තාරකා හඳුන්වන්නට පුළුවන්.
පසුගිය කාලයේ සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමට සමත් වූ මේ වන විට රංගන ශිල්පිනියන් අතර නමක් දිනා ගැනීමට සමත් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් ඇය තවදුරටත් පෙන්වා දිය හැකියි.
ප්රේක්ෂකයා අතර ඔවුන්ගේ ඔහුගේ ආදරය දිනා ගැනීමට සමත් ආදරණීය චරිතයක් බවට පත් වන්නට ඇයට වැඩි කාලයක් ගත වුණේ නැහැ.
ඊට හේතු වන්නේ ඇයට ලැබෙන ඕනෑම චරිතයකට උපරිමයෙන් සාධාරණය ඉටු කරමින් එම රංගනය ප්රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමට සහ අවධානය දිනාගැනීමට සමත් වෙන සේ කටයුතු කිරීමට ඇයට ඇති දක්ෂතාවය නිසයි.
සමාජ මාධ්ය තුළ නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියන් අතර ඇයද ප්රමුඛ ස්ථානයේ පසුවනවා. ඊට ඇගේ සුන්දරත්වය එක් ප්රධාන හේතුවක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.
නිතරම අලුත් පුවත් මවන සොඳුරු චරිතයක් වන ශලනි තාරකා ප්රේක්ෂක රසික රසිකාවියන්ගේ අවධානයට යොමු වූ විශේෂ කරුණක් පසුගිය දිනක සිදු වුණා.
ඒ ඇය විසින් තමන්ගේ මුහුණු පොතේ තැබූ අපූරු සටහනක් නිසයි. ඇය මුහුණු පොතේ තබන ලද මේ සටහනට මට ආදරේ කරන ප්රේක්ෂකයන්ගේ උණුසුම් ප්රතිචාර විශාල ප්රමාණයක් ලැබෙන දුන්නා.

ඒ ආකාරයෙන් ඇය තමන්ගේ මුහුණ පොතේ තැබූ සටහනේ කොටසක් තමයි ඔහුට මේ ගෙන එන්නේ, කිසිම කෙනෙක් ලග ලාබෙට විකිනෙන්න එපා , ඔයාටත් තියෙනවා වටිනාකමක් ඒක හොයාගන්න..! දවසක් පුංචි දරුවෙක්එයාගෙ සීයා ලගට ගියාලු..ගිහින් ඇහුවලු මෙහෙම..
“සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?මගේ ජීවිතේ වටිනාකම කීයද..?“සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු..දීලා කිව්වලු මෙහෙම..“පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..“පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට..“
මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා..“මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!““ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“
පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට..“මාමේ මේ ගල කීයක් වෙයිද..?“එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා….“පුතා මේක මට විකුණන්නද යන්නෙ.. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම..“
“ස්තුතියි මාමෙ.. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට..“මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා..
“හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“පුංචි දරුවා වෙලෙන්දාට ස්තුති කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණෙ…“ යනුවෙන් දිගු කතාවක් තම මුහුණු සටහනක් කරන්නට ඇය කටයුතු කර තිබුනා.








