උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“ප්‍රසිද්ධ කලාකරුවෙක් නෙමේ මට ඕන කවදහරි ජනප්‍රිය කලාකරුවෙක් වෙන්න” විරාජ් දනුෂ

මේ දිනවල බොහෝ දෙනා අමතක නොකර නරඹන සුන්දර ටෙලි නාට්යයක් ලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම්කරයෝ ටෙලි නාට්ය හඳුන්වා දෙන්නට පුළුවන්.

විශාල ප්රේක්ෂක ප්රතිචාර ඉතාමත් කෙටි කාලයකින් ළඟා කර කර ගැනීමට සමත් වූ මෙම සුන්දර ටෙලිනාට්ය තුළ ප්රවීණ රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිනියක්ද නවකයන් ගණනාවකගේ රංගනයන් දැක ගැනීමට හැකි වී තිබෙනවා.

බොහෝ දෙනා අතර ජනප්රිය වී ඇති ටෙලිනාට්යයක් වන නිසා මෙහි චරිත ද බොහෝ දෙනාගේ ආදරයට පාත්රවී තිබෙනවා. නාඩගම්කරයෝ ටෙලි නාට්යයේ එවැනි චරිතයක් පිළිබඳවයි මේ විස්තරය.

මෙම සුවිශේෂී ටෙලි නාට්යය තුළ සුද්දාගේ චරිතය අමතක කරන්න බැරි චරිතයක්. සුද්දා ගේ චරිතයට පණ පොවනු ලබන්නේ යොවුන් රංගන ශිල්පී විරාජ් දනුෂ වේ.

මිනිසුන් අතරට යන්නට පුළුවන් වූ වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් ඔහු මෙම නාඩගම් කාර්යය ටෙලිනාට්ය හඳුන්වනු ලබනවා. A/L චිත්රපටය ඔස්සේ කලාවට පිවිසෙන දනුෂ මෙරට ටෙලි නාට්ය කිහිපයකින් ද දැක ගැනීමට හැකි වනවා.

ඒ අනුව අහස් මාලිගා,ත්රෛලෝක, හිරු ඇවිදින්, තාදී වැනි ටෙලි නාට්ය තුළ මොහුගේ රංගන දායකත්වය දැකගත හැකිවනවා. නාඩගම් කාරයෝ ටෙලි නාට්යයේ සුද්දාගේ චරිතය නිසා ඔහුට ඉතාමත් ඉහල ප්රතිචාර ලැබෙන අතර,

ඒ පිළිබඳ තමන් නිහතමානී නිහතමානී ආඩම්බරයකින් යුක්ත වන බවත් එම ප්රේක්ෂක ප්රතිචාර තමන්ට ලැබුණු වටිනා ත්යාගයක් බවත් ඔහු ප්රකාශ කර තිබුණා.

අද වන විට කලා ක්ෂේත්රයේ නව පරපුරේ යොවුන් රංගන ශිල්පියකු වශයෙන් කටයුතු කරන මොහුට ප්රසිද්ධ කලාකරුවෙක් නොව ජනප්රිය කලා කරුවෙකු වීමට අවශ්ය බව පවසා තිබුණා.

පියා අහිමි වී මව සහ නැගණිය සමඟ ජීවත් වන මොහුට සෑම දිනකම ශක්තිය ධෛර්යය ලැබුනේ තමන්ගේ මවගෙන් බව පවසන්නට ඔහු අමතක කළේ නෑ.

තමන්ගේ හීනය වෙනුවෙන් කැප වී වී වැඩ කරන්නට තමන්ට ශක්තිය උනේ තමන්ගේ ආදරණීය මව බව ඔහු පැවසුවේ ඉතාමත් ආදරණීය ලෙසයි.

ක්රිකට් ක්රීඩාවෙන් ඉදිරියට ගොස් හොඳ ක්රිකට් ක්රීඩකයෙකු වීමේ සිහිනය කලාවට පැමිණි පසු ඔහු අතහැර දැමූ ඔහු කලා කටයුතු ඔස්සේ ඉදිරියට යාමට අදිටන් කරගත් නව පරපුරේ කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙකු වේ.

ප්රේක්ෂකයා හට හොඳම දේ රැගෙන ඔවුන්ට ප්රිය රංගන ශිල්පියකු වශයෙන් පරිපූර්ණ වීම ඔහුගේ අරමුණ වන අතර ව්යාපාර කළමනාකරණ අංශයේ උපාධියක් රැගෙන පරිපූර්ණ නළුවෙකු ලෙස ක්ෂේත්රයේ දිගු කාලයක් රැඳී සිටීමට අදිටන් කරගෙන සිටින විරාජ් දනුෂට එම ප්රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා යැයි අප ප්රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button