දෑස් නොපෙනුනත් විහාරස්ථාන භුමියේ සරුවට වගා කටයුතු සිදු කරන හපුවල විමලානන්ද ස්වාමීන් වහන්සේ

කෘෂිකර්මය වනාහි අපේ රටේ ආර්ථිකයට උරදෙන ප්රධානම ක්ෂේත්රයක් වන අතර දුරට බොහෝ දෙනා තම ආර්ථිකය ගොඩනගා ගනු ලබන්නේද කෘෂිකර්මාන්තය ඔස්සේය.
වර්තමානය වන විට වගා කටයුතු සඳහා වූ බොහෝ පිරිසක් මේ වනවිට වැඩි නැඹුරුතාවක් දක්වන අතර තමන්ගේ ගෙවත්තේ ඉඩ ප්රමාණය ප්රයෝජන ගනිමින් කුමක් හෝ වගාවක් සිදු කිරීම සඳහා බොහෝ දෙනා මේ වෙනවිට පෙළඹී තිබෙනවා.
කෘෂිකර්මාන්තය සඳහා බොහෝ දෙනා යොමු වූයේ ඇති මෙවන් කාලයක තම විහාරස්ථාන භූමියෙහි වගා කටයුතු සිදු කරන හපුවල විමලානන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳවයි මේ විස්තරය.
උන්වහන්සේ පිළිබඳ කතා කතා කරන විට ස්වාමීන් වහන්සේගේ විශේෂත්වය වනුයේ කෘෂිකාර්මික කටයුතු ඉතාමත් සරුවට සිදු කරනු ලැබුවත් වහන්සේගේ දෑස් නොපෙනීමයි.
තිස්පනේ හුණුගල් ඔය ශ්රී ඥානෝදය බෞද්ධ මධ්යස්ථානය වැඩ වාසය කරන විමලානන්ද ස්වාමීන් වහන්සේගේ දෑස් නොපෙනුනත් උන්වහන්සේ ඉතාමත් සාර්ථක ලෙස මෙම වගා කටයුතු සිදුකරගෙන යනු ලබනවා.
ඉතාමත් සුන්දර වටපිටාවකින් යුත් සුන්දර වටපිටාවක පිහිටා ඇති මෙම බෞද්ධ මධ්යස්ථානය වැඩ වාසය කරන මෙම විමලානන්ද ස්වාමීන් වහන්සේ වයස අවුරුදු හතේ දී පැවිදි ජීවිතයට ඇතුළත් වී ඇති අතර,
අවුරුදු 21 වන විට දෑස් පෙනීම අඩු වන්නට වු අතර විවිධ වෛද්ය ප්රතිකාර ලබා ගත්තත් නැවත එම දෑස් සුව කළ නොහැකි බව වෛද්යවරුන් විසින් උන්වහන්සේට පවසා ඇත.

කෙසේ නමුත් අද වෙන විට වයස අවුරුදු 45 වන උන්වහන්සේ තමන්ගේ දෑස් නොපෙනුනද තමන් වැඩ වාසය කරන විහාරස්ථානය ගොඩ නගා ගැනීමට උන්වහන්සේ මහත් සේ වෙහෙස වී තිබෙනවා.
විහාරස්ථානය අවට විශාල වත්තක් තිබෙන නිසා උන්වහන්සේ වගා කටයුතු සඳහා පෙළඹෙන්නට වු අතර එළවළු හොඳින් වගා කළ හැකි පරිසරයක් එම ප්රදේශය ඇති නිසා විවිධ එළවලු වර්ග වගා කිරීමට උන්වහන්සේ කටයුතු කර තිබුණා.
දෑස් දෙකම නොපෙනුනත් හිතේ ශක්තියෙන් වගා කටයුතු සියල්ල සිදු කිරීමට කටයුතු කර ඇති අතර ඒ ඔස්සේ විහාරස්ථානයේ දායක පිරිස් වලට ද උන්වහන්සේ මහත් ශක්තියක් වී තිබෙනවා.
උන්වහන්සේ විසින් ඉතාමත් සරුවට නාරං වගාවක් සිදු කරගෙන යනු ලබන අතරම කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව දොඩම් වගාව ද පන්සල් භූමියේ ඉතාමත් සරුවට ආරම්භ කර තිබෙනවා.
උන්වහන්සේගේ දෑතින් මෙම පන්සල් භූමියේ කෙසෙල් වගාව , කහ වගාව, ඉඟුරු වගාව, තේ වගාව ආදී බොහෝ කෘෂිකාර්මික බෝග වගාවන් වගාවන්ට සරුවට සිදුකරගෙන යනු ලබනවා.
දෑස් නොපෙනුනත් සිතේ ශක්තියෙන් කටයුතු කරන උන් වහන්සේගේ වැඩකටයුතු සහතික කර ගනිමු තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීව කාලයක් වැඩ වාසය කිරීමට හැකිවේවා යැයි අපි ප්රාර්ථනා කරමු








