තමන්ට වඩා අවුරුදු නවයක් බාල සුන්දර තරුණියක් බිරිද කර ගත් සුමිරාන්ගේ ආදර කතාව

කලාවට පිවිස ඉතාමත් කෙටි කාලයක් තුළදී තමන්ගේ ජනප්රියත්වය ඉතාමත් ඉහළින් රඳවා ගන්නට සමත් වූ කඩවසම් රංගන ශිල්පියෙකු වශයෙන් සුමිරාන් ගුණසේකර හදුන්වන්නට පුළුවන්.
කටකාර දඟකාර කඩවසම් චරිතයක් වන මොහු තරුණයා බොහෝ දෙනා අතර ජනප්රිය සොදුරු චරිතයක් බවට පත්වී තිබෙනවා. වෘත්තීයෙන් ව්යාපාරිකයකු වන ඔහු අද වන විට රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම නිවේදකයෙකු වශයෙන් ද ප්රසිද්ධ චරිතයක් බවට පත්වනවා.
ඔහුව මේ දිනවල සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන ද වොයිස් ටීන් වැඩ සටහනේ නිවේදකයා වශයෙන් ද දැක ගැනීමට හැකි වන අතර.
රංගන ශිල්පියෙකු වශයෙන් ඔහු වඩාත් ජනප්රිය චරිතයක් බවට පත් වන්නේ නීල පබලු ටෙලිනාට්ය තුළ ඔහු දක්වන රංගනය හේතුවෙනි.
මෙම නාට්ය තුළ ඔහු අභිමන් ගේ චරිතයට පණ පොවන අතර බොහෝ රසික පිරිසකගේ අවධානය දිනා ගැනීමට සමත් වනවා. සුමිරාන් ගුණසේකරගේ සොඳුරු කැදැල්ල පිළිබඳ කතා කිරීමේදී මොහුත් ඉතාමත් සුන්දර බිරිඳක් සිටිනවා.

ගේ පියාට දුරින් නෑදෑ වෙන මාමා කෙනෙකුගේ දියණියක් තමයි සුමිරාන් ඇයගේ බිරිඳ වශයෙන් තෝරා ගනු ලබන්නේ. ඇය සුමිරාන් ට වඩා අවුරුදු 9 කින් විතර බාල සුන්දර තරුණියක් වනවා.
ඔවුන් දෙපළට ඉතාමත් සුන්දර ප්රේම කතාවක් තිබෙනවා පවුලේ අය සමග විනෝද චාරිකාවක් ගිය මොහොතේ ඇයගේන් කැමැත්ත විමසූ අතර මුල් අවස්ථාවේදී එම සම්බන්ධයට අකමැති වූ ඇය පසුව ඔහුට කැමැත්ත දී තිබුණා.
පසුව මේ බව පවුලේ අය දැනගත් පසු ඔවුන්ගේ ඒ සුන්දර ආදරයට පවුලේ සාමාජිකයන් විසින් අවසර ලබා දෙනු ලැබුවා. ඉතාමත් ආදරණීය සුන්දර බිරිඳක් වන ඇය තමන්ට රංගන කටයුතුවලදී ඔහුගෙන් වන අඩුපාඩු හරිගස්සා ගැනීමට සහාය වන බවත් ඔහු තම බිරිඳ පිළිබඳ ආදරයෙන් මතක් කර සිටියා.බිරිඳ සමඟ සතුටින් කාලය ගත කරන සුමිරාන් ගේ ඡායාරූප කිහිපයක් තමයි මේ








