උණුසුම් පුවත්ගොසිප් පුවත්දේශිය පුවත්

උපන් රෝහලේම වෛද්‍යවරයෙකු ලෙස පත්වීම ලබා උපන් මොහොතේ ළග සිටි හෙදිය හමු වු සොදුරු මොහත

පුංචි දරුවෙකු මෙලොව එලිය දකින අවස්ථාව මවකට තමන්ගේ ජිවිතයේ සුවිශේෂිම අවස්ථාව වනවා සේම එම දරුවා උපත ලබන මොහොතේ මවගේ මෙන්ම දරුවාගේ ජිවතය පිළිබද සියලු බර දරමින් ඔවුන්ගේ ආරක්ෂව වෙනුවෙන් කැප වෙන පිරිසක් තමයි රෝහල් කාර්ය මණ්ඩලය කියන්නේ.

කිසිදු අනතුරක් නොවි දරුවා මෙලොව එළිය දකින අවස්ථාව ඉතාමත් පරිස්සමින් ක්‍රියා කරන්නට වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද මහත් කැප කිරීමක් සිදු කරනු ලබනවා.

මෙවැනි හැදින්වීමක් මා මුලින්ම කරන ලද්දේ මේ දින ඔබ මා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඇස ගැටෙන සොදුරු ඡායාරූපයක් හේතුවෙනි.

අපි මේ කතා කරන්නට යන චරිතය අපේ රටේ වෛද්‍යවරයෙකි මෙතුමා නමින් අනුරාධ බණ්ඩාර අත්තනායක මහතා වේ. මෙතුමා තමන්ගේ ෆේස් බුක් සමාජ මාධ්ය ගිණුම් ඔස්සේ තැබූ එක්තරා සටහනක් නිසා අපේ රටේ බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමු වන්න්ට වුනා.

රත්නපුර මහ රෝහලේ පත්වීම් ලබා ගන්නා වෛද්ය අනුරාධ බණ්ඩාර අත්තනායක මහතා කඩවසම් යොවුන් වෛද්යවරයෙකු කිවහොත් නිවැරදි¡ වෛද්ය අනුැාධ බණ්ඩාර මහතා උපත ලබන්නේද මෙම රත්නපුර මහ රෝහලේදීම වන අතර ඔහු මෙම රෝහලේදි එහි ලොකු මිස් හමුවන අතර එය සැබැවින්ම දෛවයේ හමුවිමක් බදු වුනා.

ඊට හේතුව වන්නේ ඔහු මෙලොව උපන් මොහොතේ එම වාට්ටුවේ සිටි හෙදිය වෛද්යවරයෙකු ලෙස පත්වීම් ලබා ගිය පසු ඔහුට එම රෝහලේදිම හමුවීමයි.

ඉතින් මේ සුන්දර හමුව පිළිබද සටහනක් තබන්නට වෛද්ය අනුරාධ බණ්ඩාර මහතා අමතක කරන්නේ නැ. එතුමා තමන්ගේ ෆේස් බුක් ගිණුමේ මේ අයුරින් එම සුන්දර හමුවිම පිළිබද සටහනක් තබනවා.

“එකමත් එක කාලයක මා මේ වාට්ටුවේ ම කුඩා බිලිඳකුව සිටි අතර ඇය යොවුන් හෙදියක් ලෙස සිටියාය.අද මම මා උපන් ඒ සුන්දර වාට්ටුවේ HO ය.ඇය ආදරණීය ලොකු මිස් ය.” නිහතමානි සුන්දර චරිතයක් හිමි මේ වෛද්යතුමන්ගේ ඡායාරූප කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button