යෝහනි වගේම ජාත්‍යාන්තර වේදිකාව තුළ ගිත ගායනයට මග බලා සිටින වොයිස් ටීන් වේදිකාවෙන් බිහි වු තරුෂි

වර්තමාන තරුණ පරම්පරාව දෙස බලන විට විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ පිරිසක් සිටින බව හොඳින්ම වැටහේ.
තාරුණ්යයේ එම දක්ෂතා ඔපමට්ටම් ඔප මට්ටම් කිරීම සඳහා මෙරට විවිධ මාධ්ය ආයතන ඔවුන්ගේ එම දක්ෂතා ලෝකයටම ගෙන යාම සඳහා විවිධ වැඩසටහන් නිර්මාණය කරනු ලබන අතර තරුණ පරම්පරාවේ සිටින දක්ෂයන් මෙම වැඩසටහන් සඳහා තමයි තම දායකත්වය ලබා දීම ද වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
ගායනය සඳහා දක්ෂයන් තේරීමේ ජාත්යන්තර වැඩසටහනක් වන සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන the voice වැඩසටහන තුළ මෙරට තාරුණ්ය තරුණ ගායන දක්ෂතා වලින් පරිපූර්ණ විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වීම දක්නට ලැබෙන අතර විනිසුරුවන් හතරදෙනකු යටතේ කණ්ඩායම් වී තරග වැදීම මෙම වැඩසටහන ඔස්සේ දැක ගැනීමට හැකි වෙනවා .
එම සුපිරි වේදිකාව තුළ පැයු ගායන තාරකාවක් ලෙස තරුෂි මලීෂා හඳුන්වන්න පුළුවන්. එම ජාත්යන්තර වේදිකාව තුළ ඇගේ ගායන දක්ෂතාවය මෙන්ම වාදන දක්ෂතාවයද ශික්ෂකය විට දැක ගැනීමට හැකි වුණා.
මනාපය අනුව තරගකරුවන්ට ඉදිරියට යාමට අවස්ථාව උදාවන අතර එම එස්එම්එස් මනාප වටින නිසා ඇයට voice වේදිකාවෙන් ඉවත් වන්නට සිදු වනවා.

තරුෂි මලීෂා ට ගායන හැකියාව මෙන්ම වාදන හැකියාව ද ඉතා උපරිමයෙන් තිබෙන අතර එම වේදිකාව තුළ පැයු දක්ෂ ගායන තරුවක් ලෙස එය අදටත් මෙරට ප්රේක්ෂකයාට ජනප්රිය වී තිබෙනවා.
කුඩා කාලයේ සිටම සංගීතයට ඇලුම් කළ ඇය එම ජාත්යන්තර වේදිකාව තුළ තමන් සතු දක්ෂතාවයෙන් උපරිම දුරක් පැමිණිම ගැන ඇය ඉතාමත් සතුටු වන බව පවසා තිබුනා.
සංගීතයට ආදරය කරන ඇය ජාත්යන්තර ව්යාපාර හා ව්යාපාර උපායමාර්ග යන ක්ෂේත්රයන්හි තම අධ්යාපනය කටයුතු සිදුකරන අතරතුර ඇයගේ සංගීත කටයුතු ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වී සිටින බවත්,
සංගීතය යනු ඇයගේ ජීවිතය හා බද්ධ වී ඇති දෙයක් බවත් තමන්ගේ වෘත්තිය සංගීතය නොවුනත් තමන් සංගීතය හා ජීවත් වෙන බවත් ඇය පුවත්පත් මාධ්ය සාකච්ඡාවකදී පවසා තිබුණා.
ගායනයට මෙන්ම කීබෝඩ් වාදනයට මෙන්ම ගිටාර් වාදනය කිරීමටද ඇය දක්ෂතා දක්වන සුන්දර කලාකාරිනියක් වේ. සංගීත ජීවිතයේ ඇයගේ බලාපොරොත්තු පිළිබඳ විමසීමේදී ඇය කියා සිටියේ ඇයට ජාත්යන්තර වේදිකාවක ගීත ගායනා කිරීමට අවශ්ය බවයි.
ඇයට එම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කකර ගැනීමට හැකි වේවා යැයි ප්රේක්ෂක අපි ප්රාර්ථනය කරමු. වොයිස් ටීන් වේදිකාව මත පෙරළියක් කරන ලද සුන්දර තරුෂි මලිෂාගේ සුන්දර ඡායාරූප කීපයක් තමයි මේ.









