
මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ජයප්රකාශ් ශිවගුරුනාදන් විසින් අධ්යක්ෂණය කරන ලද “පාරදිගේ”ටෙලි නිර්මාණයෙහි “ටුටූ” නම් චරිතය හරහා ඔබගේ ආලින්දය හැඩ කරන ඇය අතිවිශාල ප්රේක්ෂකාගාරයකට උරුමකම් කියන, ව
ර්තමානයේ කලා ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන ශිල්පිනියක වන සුරූපි ,යොවුන් රංගන ශිල්පිනී වොල්ගා කල්පනී.
බොහෝ දෙනෙක් ආදරය කරන ,සමාජ මාධ්යයන් ඔස්සේ නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක්වන වොල්ගා අධ්යාපනය ලබා ඇත්තේ කඳාන ශාන්ත සෙබස්තියන් පාසලෙන් වන අතර ඇයගේ ජීවිතයේ ප්රශ්න නැති, සුන්දරතම කාලය එය බවත්,
නැවත අතීතයට යන්න පුළුවන් වුනොත් යන ආසම කාලය පාසලේ 10 ,11 ශ්රේණි වල ගෙවුන කාලයට බවයි ඇය කියා සිටියේ.
මිතුරන් සමග සතුටින් ගෙවුණු පාසල් කාලය තරම් සුන්දර කාලයක් ජීවිතයට නැවත නොපැමිණි බවයි වොල්ගා කියා සිටියේ. එමෙන් ම අසාර්ථක විවාහ දිවියක් නිසා මෙන්ම නොයෙකුත් බාධක ,හැල හැප්පීම් හමුවේ පසුගිය කාලයේ පීඩාවට පත්ව සිටි වොල්ගා කියා සිටින්නේ..
ඇයට දඬු’වම් විදීමට සිදු වූ යේ ඇයගේ වරදින් සිදුවූ දේවල් වලට නොවන බවත් ,දැන් කුමන දේකට දඬු’වම් ලැබීමට සිදු වුවත් ඒ සියල්ල සඳහා පුරුදුව ඇති බව හා සියල්ල කාලයට බාර දී බලා සිටින බවයි.
ඒ වගේම වර්තමානයේ රටේ පවතින දේශපාලන ක්රමවේදය පිළිබඳව ඉතා අපැහැදී මෙන් යුතුව සිටින වෝල්ගා පවසන්නේ ඇයට දේශපාලනයට පැමිණීමට කිසිදු ආශාවක් නොමැති බවයි.
සිංහල ,ඉංග්රීසි බාෂාවන්ට අමතරව විවිධ භාෂා ඉගෙන ගැනීමට ප්රිය කරන ඇය කියා සිටියේ රංගනයත් සමඟ කාර්ය බහුල ව සිටි බැවින් එයට කාලයක් නොමැති වූ බවත් ,ඉදිරියේ දී විවිධ භාෂා ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඒ වගේම කලාවට හා මවට එක ලෙස බෙහෙවින් ආදරය කරන රංගන ශිල්පිනියක වන වොල්ගා කියා සිටින්නේ මව හා කලාව දමා විදේශ රටකට යෑමට කිසිදිනක බලාපොරොත්තුවක් නොමැති බවයි.
ඉතින් ඔබ අප කවුරුත් බොහෝ ආදරේ කරන නව පරපුරේ අති දක්ෂ, සුරූපී රංගන ශිල්පිනී වොල්ගා කල්පනීගේ සුන්දර ඡායාරූප එකතුවකුයි මේ.








