උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“රංගන ශිල්පිනියක් වෙන්න ආස කලත් ජිවිතේ වැ’රදුන තැනුත් තියනවා” තිලිණි පෙරේරා

දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන ඇය ගෞතම සිද්ධාර්ථ, ඉරුදේව, ඉත්තො… වැනි ටෙලි නිර්මාණයන් ඔස්සේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනාගත් නව පරපුරේ නවක රංගන ශිල්පිනියක වන අතර කලාවට නවකයකු වුවත් භාරගත් චරිතයට පළපුරුදු කලාකාරිනියක මෙන් සාධාරණය ඉෂ්ට කරනු ලබනවා.

ඇය ජනප්‍රිය, අතිදක්ෂ ,සුරූපී ,නවක රංගන ශිල්පිණි තිලිණි පෙරේරා යි. නිරූපණ ශිල්පිනියක ලෙස ශේත්‍රයට පා තබන ඇය ඉන්පසු රංගනය හා එක්වන අතර ප්‍රේක්ෂකයන් වැඩිවශයෙන් ඇයව හදුනන්නේ රංගන ශිල්පිනියක ලෙසයි.

ඉදිරියේ දී තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තිලිණි කියාසිටින්නේ කලාවෙන් පමණක් ඉදිරි දිවිය සැලසුම් කළ නොහැකි බවයි.

අන් වැඩ කටයුතු මෙන්ම තමන් වෙනුවෙන් මුල්තැන දෙන රංගන ශිල්පිනියක් ලෙස ඇය දවසේ කාලසීමාවක් තමාට, තම ශරීර සෞඛ්‍ය, බාහිර පෙනුම වෙනුවෙන් වෙන් කරන අතර ඇය පවසන්නේ මුලින් තමන්ට ආදරේ කළ යුතු බවයි.

එබැවින් ඇය ව්‍යායාම, යෝගා, භාවනා ක්‍රම, පොත් පත් කියවීමට, නිදා ගැනීමට ,මෙන්ම නිතර පිරිසිදු වතුර පානය කිරීමට… වැනි ආධ්‍යාත්මික ,ශාරීරික, මානසික සුවය වෙනුවෙන් දවසේ කාලසීමාවක් වෙන්කර ගන්නා බවයි.

ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, හැල හැප්පීම් ,කඩා වැටීම් හමුවේ දිරියෙන් ඉදිරියට යන තරුණියක වන තිළිණි ආදරය යන තේමාව දකින්නේ ඉතා සුන්දර දෙයක් ලෙස වුවද,

එය සුන්දර වන්නේ තමන්ට ලැබෙන කෙනා අනුව බවත් හැමෝම එකවගේ නොමැති නිසා එය තේරුම් අරන් ජීවත් විය යුතු බව පවසන ඇය,

අවසන් වශයෙන් කියා සිටින්නේ මෙතෙක් ඇය පැමිණි ගමන් මගේ හැලහැප්පීම්, කඩාවැටීම් ,අසාර්ථක වීම් හමු උනත් ඒවා ජයගෙන පැමිණි දුර පිළිබඳව ඇය සතුටු වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button