පාර්ලිමේන්තු ප්‍රවේශය ලබා ගන්නට මග බලා ගෙන සිටින රොජර් සෙනෙවිරත්න කියපු වෙනස්ම විදිහේ කතාව

මෙරට කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ චරිතාංග නළුවෙකු වශයෙන් හඳුන්වන්නට හැකි සොඳුරු රංගන ශිල්පියකු ලෙස රොජර් සෙනෙවිරත්න මහතා හදුන්වන්නට පුළුවන්.
විවිධ රංගන ප්‍රතිභාව තුළින් ප්‍රේක්ෂකයා අතරට යන දක්ෂ,රංගන ශිල්පියෙකු වශයෙන් මොහුව හඳුන්වන්නට පුළුවන්. චාතූර්යා ටෙලිනාට්‍ය තුළ ඔහු දැක්වූ රංගනය නිසා මෙරට ප්‍රේක්ෂක ජනතාව අතර අසීමිත ජනප්‍රියත්වයක් උදාකර ගැනීමට මහා සමත් වෙනවා.
පුංචි තිරයට පැමිණීමට පෙර වේදිකාව ඔස්සේ රංගනයට ප්‍රවිෂ්ට වන මොහු අද වන විට මෙරට පුංචි තිරයෙහි සිටින විශිෂ්ට ගණයේ රංග ශිල්පියෙකු වශයෙන් හැඳින්වෙනවා.
එදා ඔහු ලබා ගත් එම ජනප්‍රියත්වය අදටත් මෙරට ප්‍රේක්ෂකයාගේ හදවත් තුළ රෝජර් සෙනෙවිරත්න යන නව අමතක නොවන චරිතයක් බවට පත් කරගන්නට කර ගන්නට ඔහුට හැකි වූයේ ඔහුගේ එම විශිෂ්ට රංගන කුසලතාවය නිසය.

පසුගිය කාලයේ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ can you hear me ටෙලිනාට්‍ය නාට්‍ය තුළ වෙනස්ම ආකාරයේ චරිත නිරූපණයක් දැක ගැනීමට හැකි වුණා.
කලා ලෝකය තුළ සුවිශේෂී චරිතයක් මෙන්ම අද වන විට රෝජර් සෙනෙවිරත්න මහතා දේශපාලනය හා සම්බන්ධව කටයුතු කිරීම නිසා දේශපාලනය තුළ ද කවුරුත් කතාබහට ලක් කරන චරිතයක් බවට පත්වී තිබෙනවා.
සමාජ ක්‍රියාකාරී චරිතයක් වශයෙන් බොහෝ බොහෝ දෙනෙකුට උදව් උපකාර කිරීමට පෙළඹී සිටින චරිතයක් බවට පත්වී තිබෙන අතර. සමාජීය ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවලදී කැපවීමෙන් කටයුතු කරනු ලබන චරිතයක්ද වනවා.

රංගනය සහ දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ රංගන කටයුතුවලදී වාගේම ජනතාව වෙනුවෙන් දේශපාලන කටයුතු වල දී ද කැපවීමෙන් කටයුතු කරන බවයි.
දේශපාලනය පිළිබඳ තවදුරටත් කතා කිරීමේදී රෝජර් සෙනෙවිරත්න මහතා එක් සුවිශේෂි කරුණක් මතක් කර සිටියා මෙහිදී ඔහු කියා සිටියේ තමන්ට පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් ලැබුණත් යම් හේතූන් නිසා ඒ භාර ගන්නට නොහැකි වූ බවත් නමුත් තමන්ට නැවත අවස්ථාවක් ලැබුණොත් පාර්ලිමේන්තුවට යෑම තමන්ගේ ටාගට් එක බවත්ය.
දේශපාලන වේදිකාව තුළ නිතර දකින්න ලැබුන රෝජර් මහතා කාලයක් වේදිකාවෙන් ඈත් වී සිටියේ තමන්ට කාලය කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවය නිසා බවත් නැතුව වේදිකාවට සමුදී නැති බවත්ය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ නැවත වරක් වේදිකා ඔස්සේ කරළියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.









