උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

අන්තරේ ලහිරු සමග විවාහ වූ ප්‍රවෘත්ති නිවේදිකා තිලිණි සමඟ ගෙවන සුන්දර ජිවිතේ

කාලයක් තිස්සේ දෙරණ නාලිකාවේ ඉතාමත්ම දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස සේවය කරපු තිළිණි නානායක්කාර වගේම, විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති විදියට ක්‍රියාකාරීව කටයුතු කරපු ළහිරු වීරසේකර කියලා කියන්නේත්, අපේ රටේ සුවහසක් ගෞරවයට ආදරයට පාත්‍ර වුණු හරිම ආදරණීය චරිතයන් දෙපළක් වනවා.

අපේ රටේ සියළුම විශ්ව විද්‍යාල සිසුන් වගේම, රටේ හැම කෙනෙක්ම වාගේ හොඳින් දන්න කියන, ළහිරු නිරන්තරයෙන්ම මාධ්‍ය ජාල වල පෙනී ඉන්න, මාධ්‍යත් එක්ක ගණුදෙණු කරන ආදරණීය සුහදශීලී චරිතයක් වනවා විතරක් නෙවෙයි,

අපේ රටේ ආදරයට ගෞරවයට පාත්‍ර වුණු මේ ළහිරු තිළිණි ආදරණීය චරිත දෙක ගැන ඉතින් කියන්නම ඕනනේ. මොකද කියනවා නම්, ළහිරු තිළිණි දෙන්නාම අපේ රටේ කාලයක් තිස්සේ හරි ආන්දෝලාත්මක ආදර කථාවකට හිමිකම් කියන, හරි අපූරු නම් දෙකක් බවට අපි කා අතරත් ප්‍රසිද්ධ වුණානේ.

ඔන්න ඉතින් ළහිරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙනුවෙ පෙනී ඉදිද්දී, ඒ වගේ බොහෝ අවස්ථාවල ඔහුට විවිධ අකරතැබ්බයන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

මෙන්න මේ අවස්ථාවේ දී ඔහුගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නට තිබේබේ නම් ඉතින් වෙන කාටවත් නෙවෙයි, ඔහුගේම ආදරණීය පෙම්වතිය තිළිණි නානායක්කාරට යි.

ඔන්න ඉතින් තම ආදරණීය පෙම්වතා, කරදරයට පත්වුණු හැම මොහොතකම වාගේ, ඔහු ගැනම මුළු රටටම ප්‍රවෘත්ති මඟින් පවසන එක නම් හරිම අමාරු කර්තව්‍යක්නේ ආදරවන්තියකට.

ඒ කොහොම වුණත් ළහිරු තිළිණි මේ ආදරණීය යුවල මෙවන් වූ බාධකයන් මැද්දේ ඔවුගේ සුන්දර ආදරය රැකගෙන හිටියා වගේම හරි අපූරු ලෙස, ආදරය ජය ගන්නට සමත් වනවා.

ඔන්න ඉතින් කොච්චර නම් බාධක මැද්දේ වුණත්, සියළුම බාධක කම්කටොලු බිඳ හෙලා ආදරය ජයගත්තු, මේ වාසානාවන්ත ආදරණීය යුවල මීට අවුරුදු කිහිපයකට කලින් තමයි, සුන්දර විවාහ දිවියට එළබෙන්නේ.

ඉතින් හරිම ආදරණීයව සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ළහිරු වීරසේකර හා තිළිණි නානායක්කාර මේ ආදරණීය යුවල, මේ වෙනකොට ආදරණීය සුරතල් දියණියගේ ආදරණීය පියෙක් ආදරණීය මවක් වන්නට තරම් වාසනාවන්ත වෙලා තියනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button