තරුණියන් ගොඩක් වහ වැටුන හෙක්ටර් තමන්ගේ බිරිඳගේ සිනහවටලු ගොඩක්ම ආදරේ කරන්නේ

“නිල්වන් මුහුදු තිරේ…” ගීතය ප්‍රති නිර්මාණය කිරීම තුළින් ප්‍රේක්ෂක ආදරය, ජනප්‍රියත්වය නොඅඩුව දිනාගන්නා ඔහු මේ වන විට හිරු ටීවී නාලිකාවේ විකාශය වන “දිවිතුරා” ටෙලි නිර්මාණයේ “අගස්ති” නම් චරිතයට ජීවය එක් කරමින් රංගන ක්ෂේත්‍රයට ද පා තබා තිබෙනවා.
අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ මේ අති දක්ෂ ,ජනප්‍රිය ගායන ශිල්පියෙකු, වාදන ශිල්පියකු මෙන්ම මේ වන රංගන ශිල්පියකු ද වන හෙක්ටර් ඩයස් පිළිබදවයි.
“මේරියන්ස්” සංගීත කණ්ඩායමේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඔහු වසර විසි පහකට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයට අපරිමිත මෙහෙයක් ඉටුකර තිබෙනවා.

“මේරියන්ස්” සංගීත කණ්ඩායමෙන් ඉවත්ව මේ වන විට තමන්ගේම කියා සංගීත කණ්ඩායමකට උරුමකම් කියන හෙක්ටර් තම ප්‍රථම රංගන අත්දැකීම වන “දිවිතුරා” හි “අගස්ති” නම් චරිතයට රංගනයෙන් දායකවීමට හිමි වූ අවස්ථාව පිළිබඳව කියා සිටියේ,
ඔහුට එම ආරාධනාව ලද අවස්ථාවේ මින් පෙර රංගන අත්දැකීමක් නොමැති නිසා එකවරම එම ආරාධනාව බාර නොගත් බවත්, ටික දිනක් ගෙන ඒ පිළිබඳව හොඳින් සිතා බලා භාරගත් බවත්ය.
මෑත භාගයේ නිර්මාණය වූ “අඟනක් දෝ…” ගීතය තුළින් ජනප්‍රියත්වය එක ලෙස රඳවා ගැනීමට සමත්ව තිබෙන මේ කඩවසම් ගායන ශිල්පියා මේ වන විට සුන්දර විවාහ දිවියක උරුමකරුවකු වන අතර ආදරණීය දූ දරුවන් තිදෙනකුගේ සාඩම්බර පියෙක් ද වනවා.
පාඨලී නම් සුරූපී තරුණියකගේ අත ගෙන සිටින හෙක්ටර් පවසන්නේ ඔහු තම ආදරණීය බිරිඳගේ සුන්දර සිනහවට බෙහෙවින් ප්‍රිය කරන බවත් ,ඔහු බිරිඳ සහ දරුවන් සමග මේ වනවිට ආදරණීය සුන්දර දිවියක් ගත කරන බවත්ය.









