උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ඩුබායි වට්ටක්කා ගෙඩිය ලෙස කවුරුත් හදුනන සුන්දර බිලේෂා

ඩුබායි වට්ටක්කේ නැතිනම් සුදු නංගි කියලා කියූ පමණින් ඇයව නොහොදුනන කෙනෙක් නොමැති තරම්ය. සුන්දර යුවතියක් මෙන්ම රංගන ශිල්පිනියක් වන ඇය නමින් බිලේෂා විජේරත්න වේ.

රංගනය තුළින් ඇය වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගිය චරිතයක් බවට පත්වුණේ කූඹියෝ ටෙලි නාට්‍ය ඔස්සේ ය. ඊට අමතරව සිද්ධාර්ථ ගෞතම , යං වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිය සොඳුරු චරිතයක් ලෙස බිලේෂා හඳුන්වන්න පුළුවන්.

කූඹියෝ ටෙලි නිර්මාණයේ ඇය සුදු නංගීගේ චරිතයට පණ පෙවීමට තුළින් ප්‍රේක්ෂක ජනතාව අතර එහි අදටත් ප්‍රසිද්ධ වන්නේ සුදු නංගි ලෙසයි.

කලා ලෝකයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීම සඳහා එයට අවස්ථාව උදා වීම පිළිබඳ ඇය මහත් සේ සතුටට පත්වන බවත් ඇයට එම රංගන කටයුතුවලදී ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මෙන්ම රංගන ශිල්පිනියන් ගෙන් ලැබෙන දායකත්වය ඉතාමත් ආදරයෙන් මතක් කර සිටියා.

කලාවට බොහෝ සේ ආදරය කරන ඇයගේ අරමුණ වන්නේ නාට්‍ය හා රංග කලා ගුරුවරියක් වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීම. ඒ සඳහා ඇයට කලාව හා සම්බන්ධ කලා කටයුතුවලින් සහයක් ලැබෙන බවත් ඇය කියා සිටියා.

සුන්දර යොවුන් වයසේ පසුවන බිලේෂාගෙන් ආදරය පිළිබඳ විමසීමේ දී ඇය ප්‍රකාශ කර සිටියේ ඇයි සෑමදාම හොයන්නේ තමන්ගේ තේරුම ගන්නට හැකි ආදරයක් බවත්ය.

ඊට අමතරව විවාහය පිළිබඳ විමසීමේදී ඇය කියා සිටියේ විවාහය සිදුකර ගැනීම සඳහා තමන්ට හදිසියක් නොමැති බවත් හදිසි විවාහ තුළින් යම් අවස්ථාවකදී මුළු ජීවිතයම යම් අවස්ථාවකදී විඳවන්නට සිදු වන බවත්ය.

ඒ නිසා තමන්ට ගැලපෙන තමන්ව තේරුම් ගන්න කෙනෙකු ලැබුණු පසු ඒ පිළිබඳ සිතන බව ඇය වැඩිදුරටත් කියා සිටියා. කලා ක්ෂේත්‍රයට පෑයූ සුන්දර තාරකාවියක් වන බිලේෂාගේ සොඳුරු ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button