උණුසුම් පුවත්ගොසිප් පුවත්දේශිය පුවත්

අපේ රටේ ලාබාලතම අංගම්පොර ශිල්පිනිය වන සමාධි සංකල්පනී

පවුලෙන් ලද ආභාෂය හේතුවෙන් අංගම්පොර කලාව සදහා යොමු වන ඇය කිරිබත්ගොඩ, විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ සිසුවියක් වේ. ඇයගේ මව සහ පියා පාරම්පරික අංගම් පොර ශිල්පීන් වන අතර කුඩා කාලයේ ඇයගේ සහෝදරයාට ශිල්ප පුහුණු කරන විට ඒ දෙස අසාවෙන් බලා සිටි ඇයට වයස අවුරුදු 7 වන විට මේ ශිල්පය තබා දෙන්නට ඇයගේ දෙමාපියන් කටයුතු කරන්නේ.

ඇය මේ ශිල්පය සදහා දැක්වු දැඩි උනන්දුව නිසා වේ. දකුණු ලකේ අංගම්පොර ශිල්පියෙකු වන ඇයගේ පියා අංගම්පොර ශිල්පය පාරම්පරිකව ඉදිරියට රැගෙන යාමේ කටයුත්තතේ නිරත වේ. ශිල්පයේ පවතින අතිශය රහස්‍ය ශාස්ත්‍ර පරම්පරාවෙන් පිටට ලබාදීම තහනම් වන නිසා ඒ සියලු ශිල්ප මේ ලාබාල දියණියට ලබා දෙන්නට ඇයගේ පියා කටයුතු කරනවා.

කැලණිය පදිංචි ඇයගේ නිවසේ එක් පසෙක අංගම්පොර පුහුණුවීම් වීම සඳහාම ස්ථානයක් නිර්මාණය කර ඇත. ඇය එම ස්ථානය හදුන්වන්නේ සටන් වැලිපීල්ල නමිනි. අංගම්පොර ශිල්පය හොදින් ප්‍රගුණ කර ඇති මේ තවමත් ලාබාල වයසේ පසුවන ඇය පොලු, හෙල්ල, කඩු, ආදි උපකරණ ඉතා අපුරුව හසුරවන්ට සමත් වේ.

අංගම්පොර කලාවේ මන්ත්‍ර ශාස්ත්‍රය, නිල ශාස්ත්‍රය, වෙද ශාස්ත්‍රය ආදි මේ සියලු ශිල්ප ක්‍ර‍ම හැදැරීමට ඇය නිසි වයස එන තෙක් බලා සිටි. ගැහැනු ළමයි ඉදිරිපත්වෙන්න වැඩිය කැමැත්තක් නැති මේ වාගේ ශිල්පිය කලාවක් ඇය හදාරන්නේ ඉතාමත් ආසාවෙන් බව ඇය පවසන්නේ ඉතාමත් සතුටින් වේ.

වර්තමාන සමාජයේ ජීවත් වීමට නම් කාන්තාවක් මෙවැනි ආත්මාරක්ෂක ශිල්පයක් දැන ගැනීම වඩාත් වැදගත් බවත් ඇයගේ අදහසයි. මේ වටිනා කලා ශිල්පය ලංකාවේ කාන්තා පරපුර අතරට ගෙන ගොස් ඔවුන්ව ශක්තිමත් කිරීම ඇයගේ අනාගත බලාපොරොත්තුව වන අතර එම බලාපොරොත්තුව සාර්ථක ලෙස ඉටු කර ගැනීමට ඇයට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

උපුටාගැනීම ධරණී පුවත් පතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button