ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ගොඩක් අය දැන් මාව දන්නේ ‘අනා’ කිවොත් තමයි මේ දවස් වල කොල්ලෝ හොයන ඩිලුක්ශි

මේ දිනවල විකාශය වන බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹන ජනප්රිය ටෙලි නිර්මාණයන් අතරට එක් වන දෙරණ නාලිකාවේ විකාශය වන හෂී උඩකන්ද ගෙ “ලොක්කී” ටෙලි නිර්මාණයේ විවිධ වූ චරිත අතරින් “ප්රවීණා” එහෙමත් නැත්නම් හැමෝම හඳුනන “අනා” විශේෂ ස්ථානයක් හිමිකරගනු ලබනවා.

ඉතින් මේ “අනා”ට ජීවය එක් කරන්නේ ජනප්රිය, අතිදක්ෂ රංගන ශිල්පිනී ඩිලුක්ශි වීරපෙරුම විසිනුයි. කලාව තුළ සාර්ථක අයුරින් දීර්ඝ ගමනක් යෑමට බලාපොරොත්තු වන ඇය කියා සිටින්නේ ඇය තවමත් පෙම්වතියගේ චරිතයට පණ පොවා නැති බවත් ,ඒකාකාරී චරිතයන්ට කොටු නොවී විවිධ වූ චරිතයන්ට පණ පෙවීමට ප්රිය කරන බවයි.

ඒ වගේම “ලොක්කී”ටෙලි නාට්යයේ වෙනස්ම වූ දඟකාර, කොමඩි චරිතයකට පණ පොවන ඩිලුක්ශි කියා සිටින්නේ මේ වන විට සාමාන්ය ජීවිතයේ බොහෝ රසික රසිකාවියන් පවා ඇයව හඳුන්වන්නේ “චූටි”, “අනා” යන නම්වලින් බවයි.

මුහුණු ආවරණ පැළඳ සිටින විට පවා බොහෝ දෙනා ඇයව හඳුනා ගන්නා තරමට ජනප්රිය ව සිටින ඩිලුක්ශි පවසන්නේ කොමඩි චරිතයකට රංගනයෙන් දායක වීම ඇයට බොහෝ අභියෝගයක් වූ බවත් ,ඇයට ඒ සඳහා ආරාධනා කළ පසු එහි ඇති අභියෝගාත්මක භාවය නිසා ම මුලින් එය ප්රතික්ෂේප කළ බවයි.

නමුත් හැමෝගෙන්ම ලද සහයෝගය නිසාම ඇයට එම චරිතය ඉතා සාර්ථක අයුරින් රඟ දැක්වීමට හැකි වූ බවයි කියා සිටින්නේ. ඒ වගේම මේනක රාජපක්ෂ අධ්යක්ෂණය කරන ලද නවතම ටෙලි නිර්මාණයක ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය කියා සිටින්නේ එය ඇයට වෙනස්ම වූ අත්දැකීමක් බවයි.

බාධා, කම්කටොලු වලින් පිරි දුෂ්කර මාර්ගයක් ඔස්සේ ඇය මෙතෙක් පැමිණි ගමන දෙස ආපසු හැරී බලන විට ඩිලුක්ෂි කියා සිටින්නේ පෙනුමේ විවිධ අඩුපාඩුකම් පවසමින් දක්ෂතාවය නොබලාම සම්මුඛ පරීක්ෂණ වලින් පවා නොයෙක් අවස්ථාවන්වල ඇයව ප්රතික්ෂේප වී තිබෙන බවත්,

ක්ෂේත්රයට පා තැබූ මුල් කාලයේ ඉතා සුළු චරිතයන්ට පවා රංගනයෙන් දායක වීමට ඇයට සිදු වූ බවයි. රංගනයට දායක වීමට හා ඒ පිළිබඳව ඉගෙන ගැනීමට තිබූ ආශාව නිසාම ඒ සියලු වෙනස්කම්, බාධක දරා ගත් බවයි ඉතා සංවේදී වෙමින් ඇය කියා සිටියේ.

ඒ වගේම කෙදිනක හෝ වේදිකාවක් මතට නැග සම්මානයක් හිමිකර ගැනීමට ඇයට අවස්ථාවක් හිමි වුවහොත් ඇය මෙතෙක් පැමිණි ඉතා සංවේදී, දුෂ්කර ගමන පිළිබඳව හැමෝටම කීමට බලාපොරොත්තු වන බවයි ඇය කියා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button