ගොසිප් පුවත්තරු ගොසිප්

නර්තනයෙන් ලංකාවම වසඟ කරගත් නුවන් කාලෙකට පස්සේ රියැලිටි ගැන කියූ අමුතුම කතාව

රංගනයට මෙන්ම නර්තනයටද උපන් හපන්කම් දක්වන ඔහු නර්තනයට පා තබන්නේ 2008 වසරේදී සිරස “ඩාන්සින් ස්ටාර්” තරගාවලිය හරහායි.

ඉන් පෙර සිට රංගනය හා සම්බන්ධව සිටින ඔහු නව පරපුරේ අති දක්ෂ, ජනප්‍රිය, යොවුන් රංගන, නර්තන ශිල්පියෙකු වන නුවන් ගුණසේකරයි.

කලක් රංගනය තුළ දක්නට නොලැබුණු ඔහු මේ දිනවල නැවත රංගනය හා සම්බන්ධව සිටිනවා. ඒ “රේස්” ටෙලි නිර්මාණයෙහි රේස් පදින තරුණයෙකු වන “රාදික” ගේ චරිතය හරහායි.

කන්ද උඩරට මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු තම නර්තන හැකියාව ගුරුමුෂ්ටිය කින් තොරව දරු දැරියන්ට බෙදා දෙමින් නර්තන ගුරුවරයකු ලෙස නුවර ප්‍රදේශයේ පන්ති පවත්වනු ලබන අතර ක්‍රීඩා භාණ්ඩ සම්බන්ධ ව්‍යාපාරයක් ද මේ වන විට ආරම්භ කර ඇති බවයි කියා සිටියේ.

පසුගිය කාලයේ ඔහු රංගනයෙන් දක්නට නොලැබුණේ නර්තන පන්තිය වල වැඩ කටයුතු හා විශේෂයෙන්ම ඔහු ආරම්භ කළ නව ව්‍යාපාරය ස්ථාවර තැනකට එන තෙක් ඒ වෙනුවෙන්ම කැපවී ක්‍රියා කළ නිසා බවයි නුවන් කියා සිටින්නේ.

වසර අටක් පුරා ඔහු freestyle ,බොලිවුඩ් නර්තනය වැනි නර්තන ශෛලීන් දරුවන් හට උගන්වන අතර ඔහු තම ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ 2018 වසරේ දී බවයි කියා සිටියේ.

මේ වන විට ටෙලි නිර්මාණ රාශියකට තම රංගන දායකත්වය දක්වා ඇති ඔහු මෙගා ස්ටාර් වැනි තරගාවලි හතරකටද සහභාගීවී ජයග්‍රහණ ද ලබා තිබෙනවා.

ඒ වගේම මේ වන විට පවතින රියැලිටි කලාව පිළිබඳ ඔහු තුළ එතරම් සුබදායක අදහසක් නම් නැහැ. ඒ SMS රටාව මගින් වැඩි මනාප ලබා ගන්නා පුද්ගලයා ඉදිරියට යෑම මගින් සුදුස්සාට සුදුසු තැන හිමි වනවාද කියා ගැටලුවක්ද මතු කරමිනි.

ඔහුට ද යම් යම් තරගාවලි වලින් අතරමගදී ඉවත් වීමට සිදුවීම නිසා බොහෝ ප්‍රේක්ෂකයින් තව ඉදිරියට යෑමට තිබූ බව පවසන බවයි ඔහු කියා සිටින්නේ.

ඒ වගේම ඉදිරියේදී කලාව වෙනුවෙන් විශේෂ යමක් සිදු කිරීමට හා සාමාන්‍ය මනුෂ්‍යයකු ලෙස ජීවත් වීමට බලාපොරොත්තු වන බවයි අවසන් වශයෙන් ඔහු කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button