
උපතින්ම ලද මන බඳිනා සුරූපී රුව නිසාම යොවුන් වියේ සිටම මනාලියන් සඳහා හැඩ වීමේ වාසනාව උදා කර ගන්නා ඇය මේ වන විට අති දක්ෂ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක්ද වනවා.
ප්‍රේක්ෂක ඉහළ ප්‍රතිචාර හිමි වූ “ආශාවරි” ගීතයේ “ආශාවරි” ලෙස හැඩ ගැන් වූ ඇය ඒ හරහා බොහෝ දෙනා හඳුනා ගත්තා, වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා කිව්වොත් නිවැරදියි.
ඇය සුරූපී නිරූපණ ශිල්පිනී ඕෂධී හිමාෂා යි.
සාමාන්‍ය පෙළ කරන අවධියේ සිට නිරූපිකාවක ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වන ඇයගේ කලා ගමනේ මූලික අඩිතාලම වැටී ඇත්තේ ඇයගේ පුන්චිගෙ රූපලාවණ්‍යාගාරයේ මනාලියක ලෙස හැඩවී ඇය පෙනී සිට ඇති photo shoot එකක් නිසයි.
එහි ප්‍රතිඵලයක් ලෙස රංගන වරම් හිමි කර ගන්නා ඇය මේ වන විට ගීත රූප රචනා රාශියක් සඳහා තම රංගන දායකත්වය දක්වා තිබෙන අතර ඉන් වඩාත් ම ප්‍රේක්ෂකයින් ඇයව හඳුනා ගනු ලබන්නේ “ආශාවරී” හරහායි.
ඒ වගේම එහි ඇය නිරූපණය කළ සරාගී අඩ නිරුවත් දර්ශනයන් නිසා විවිධ මඩ ප්රචාරයන්ට මෙන්ම අවලාදයන්ටද මුහුණදීමට ඇයට සිදු වනවා.
නමුත් එම වැරදි අදහස් නිවැරදි කරමින් මේ වන විට නැවතත් ජනප්‍රියත්වයේ ඉහළින් රැඳීමට වාසනාව උදාකර ගන්නා ඕෂධී මේ වන විට සුන්දර යුග යුග දිවියක් ගත කරන අතර ඒ ඇයගේ දෙවන විවාහය කිව්වොත් නිවැරදියි.
යම් යම් හේතූන් මත සිය පළමු විවාහයෙන් නීතියෙන් වෙන්ව මේ වන විට නිරූපණ ශිල්පියකු සමඟ නැවතත් තම ජීවන ගමන අරඹා තිබිණ ඕෂධී මේ වන විට ආදරණීය මවක් ද වනවා.
ඉතින් ඉකුත් 14 වන දිනට යෙදී තිබූ පෙම්වතුන්ගේ දිනය දා ඇයට ආදරය කරන සුවහසක් රසිකයින් වෙනුවෙන් තිළිණයක් ලෙස ඇය සුන්දර ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
ඇයගේ සුන්දරත්වය වඩාත් ඔප් නැංවෙන්න ලෙස රත් පැහැයෙන් සැරසී සිටි ඕෂධීගේ එම සුන්දර ඡායාරූප පෙළ අපි අද ඔබවෙත රැගෙන එන්න සිතුවා.









