දක්ෂ ගිටාර් වාදකයෙකු වන අකිල සමග සුන්දර යුග දිවියක් ගත කරන සොදුරු ගායිකා රයිනි චාරුකා

මෙරට ගායන ක්ෂේත්‍රයේ ඉතා ඉහලින් තම නාමයේ රඳවාගෙන සිටින සුන්දර කලා කලාකරුවන් යුවළක් ලෙස රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවල හඳුන්වන්න පුලුවන්.
ඔවුන්ටම ආවේණික වූ සුන්දර කටහඬ භාවිතා කරමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඔවුන් විවිධ සුන්දර ගීත ගණනාවක් දායාද කර ඇති අතර මෙරට රසික රසිකාවන් අතර අදටත් රැව් පිළිරැව් දෙනු ලබන සුන්දර ගීත බවට ඒවා පත් වී තිබෙනවා.¡
රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ පිළිබඳ කතා කරන විට ඔවුන් දෙපලගේ ආදරළගේ ආදරණීය දියණියන් දෙදෙනා පිළිබඳව කතා කළ යුතු වේ. ඊට හේතුව වන්නේ දෙමව්පියන් මෙන්ම ඔවුන් ද අද වන විට සංගීත ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයකි සිටින සුන්දර ගායිකාවන් දෙපලක් වීම නිසයි.

රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ගේ වැඩිමහල් දියණිය වන්නේ රයිනි චාරුකා ය. මව මෙන්ම ගැඹුරු සුන්දර හදවතට දැනෙන කටහඬක් ඇයටද පිහිටා තිබෙන අතර මෙරට ගායන ක්ෂේත්‍රයේ සුන්දර ගීත රැසක් ඇයගේ කටහඩින් ගායනා කර තිබෙනවා.
මතකද හැන්දෑවේ, මල් වාරම්, නොබලා මා දිහා, කුසුමට ලං වී වැනි සුන්දර ගීත ගණනාවක් ඇයගේ ඇය ගේ කටහඬින් වර්ණවත් වී ඇති අතර එම ගීත ඔස්සේ ඇය රසික රසිකාවියන් විශාල ප්‍රමාණයකගේ ආදරය දිනා ගත් සොඳුරු ගායිකාවක් වනවා.
අද වෙනවිට විවාහක යුවතියක් වන රයිනි චාරුකාගේ ආදරණීය ස්වාමිපුරුෂයා දක්ෂ ගිටාර් වාදකයෙකු වන අතර ඔහු නමින් අකිල වේ.

ඔහු ද සංගීත ක්ෂේත්‍රයට අදාල වුර්තයක නියැලෙන අතර මොහු විසින් සංගීත කණ්ඩායමක් ද පවත්වාගෙන යනු ලබයි. මීට පෙර අවස්ථාවකදී ඔහු රූකාන්ත ගුණතිලක මහතාගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන්ද වශයෙන්ද කටයුතු කර තිබෙනවා.
ඔහුත් සංගීත ක්ෂේත්‍රයට ලැදි ලැදි කෙනෙකු නිසා රයිනි චාරුකා ට ඇය ගේ සංගීත කටයුතු සඳහා හැකිවේ ස්වාමියාගෙන් ඉතාමත් හොඳ සහායක් ලැබෙන බව ඇය මතක් කර සිටියා.









