ගොසිප් පුවත්තරු ගොසිප්

දිනක්ෂි විසින් සිගිති දියණිය බලන්න එන අයට නිතී දායි

කලා ලෝකය හැඩ කරන සුන්දර කළ ශිල්පීන් යුවළක් ලෙස දිනක්ෂි සහ සාරංග හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ ඉපදීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ තුල වැඩි වශයෙන් කතාබහ කරන ආදරණීය කලාකරුවන් දෙපලක් ලෙස මොවුන් දෙපල හඳුන්වන්න පුළුවන්.

මේ වෙන විටත් කා අතරත් ජනප්‍රිය වී සිටිනවා. සාරංග සහ දිනක්ෂි දෙපළ ආදරය කරන කාලයේ , ඔවුන් දෙපළ විවාහ වීම,විවාහයෙන් පසු, දිනක්ෂිට ඇයගේ කුලුඳුල් දරුවා ඉපදීමට සිටින විට මෙන්ම,

අද වන විට ආදරණීය දෙමාපිය යුවළ  බවට පත්වී සිටින මොවුන්ගේ විවිධ අවස්ථාවන් වල විවිධ සුවිශේෂී කරුණු සමාජ මාධ්‍ය තුළ නිතර ඇසෙන්නට දකින්නට ලැබෙන කරුණක් වනවා.

මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ඔවුන් දෙපළගේ ආදරණීය දියණිය වෙතටයි. කලා ලෝකයේ කැපිපෙනෙන සුවිශේෂී චරිත දෙපලක් වන නිසා මොවුන්ගේ දරුවා පිලිබදව වැඩි අවධානයක් ඔවුන් දෙපළට ආදරය කරන ප්‍රේක්ෂකයාගෙන් ද මෙය වන විට ලැබී තිබෙනවා.

ඉතින් මේ දිනවල රටේ පවතින තත්වය හමුවේ තමන්ගේ දියණියගේ සෞඛ්‍යය පිළිබඳ වැඩියෙන් සිතෙන දිනක්ෂි පුන්චි දියණිය බලන්න එන අමුත්තන්ට විශේෂ කරුණු අටක් මතක් කර සිටියා.

බොහෝ දෙනා පැවසුවේ ඒවා දිනක්ෂි විසින් අන් අය මෙන් දමා ඇති නීති අටක් බවයි. තම දරුවා බලන්නට පැමිණෙන අයට ඇය විසින් එම කරුණු අතර ඇයගේ instagram පිටුවේ මේ ආකාරයෙන් පළ කර තිබුණා. එම නීති 8 තමයි පහලින් ඔබ ද දැක ගැනීමට හැකි වන්නේ.

  1. මගේ බබාව කිසිවිටකත් සිප ගැනීම තහනම්.
  2. එන්න කලින් අනිවාරෙන්ම අහලා එන්න ඕනි.
  3. මම තාම මේ දේවල් ඉගෙන ගන්නවා එනිසා ඒ පිලිබඳව කරුණාවන්ත වෙන්න.
  4. බබා වඩා ගන්න කලින් ඔබේ දෑත් දෙක හොඳට පිරිසිදු කර ගන්න. කිසි විටෙකත් ඔබේ ඇඟිලි බබාගෙ කටේ තියන්න එපා.
  5. ඔබේ සමීපතයෙක් හෝ ඔබ අසනීපෙන් සිටීනම් ගමන කල් දාන්න.
  6. සැර සුවඳ විලවුන් ගල්වා ගෙන එන්න එපා.
  7. දරුවා බලලා ආවට පස්සෙ ඒ පින්තූර සමාජ මාධ්‍ය වෙත යොමු කරන්න කලින්  මගෙන් අහන්න.
  8. ගොඩක් වෙලා රැඳී සිටින්න එපා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button