නැගණිය වෙනුවෙන් දෙවන වරටත් තම කොණ්ඩය පිළි කා රෝහලට දන් දුන්න කිංස්ලි පීරිස් මහතා පුතණුවන්

ගායකයෙක් මෙන්ම වාදකයෙක් වශයෙන් මෙරට සංගීත ක්ෂේත්රය තුළ අතිශය රසික ආදරයට පත්ර වු ප්රවීණ ගායන ශිල්පියෙකු වශයෙන් කිංස්ලි පීරිස් මහතා පෙන්වා දෙන්නට පුළුවනි.
මෙරට කණ්ඩායම් සංගීතය තුළ සිටින සුවිශේෂී චරිතයක් වශයෙන් ද බොහෝ හඳුන්වන්නට පුළුවන්. ආදරණීය සංගීත තරුවක් වන ඔහුගේ හඬින් ගායනා කරන ලද සුන්දර ගීත ගණනාවක් අදටත් මෙරට රසික රසිකාවියන් අදටත් රස විදිනු ලබනවා.
මෙරට කණ්ඩායම් සංගීතය තුළ ඉහළම ජනප්රියත්වයක් ලබා කරගත් සුවිශේෂී කලාකරුවෙකු වන මොහු වඩාත් ජනප්රිය චරිතයක් බවට පත් වන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම නිසාවෙනි.
අප්පච්චී මට තැලුවට, දෙලුම් මලක්, දෙහි මලක් වගේ, බෙල්ලන් විල වෙහෙරට, දෝතින් අරන්, ඩේලියා මලින් සුවඳ ගන්න වෙඩි සුන්දර ගීත ගණනාවක්ම රසික රසිකාවියන්ට දායාද කරන ලද සුවිශේෂී සංගීත ශිල්පියෙකු වේ.
අපි මේ කතා කරන්නට යන්නේ මෙතුමාගේ පවුල හා සම්බන්ධ කාරණයක් පිළිබඳවයි. බිරිඳ, වැඩිමහල් පුතණුවන් සහ දියණියක් මොහුට සිටි අතර අවාසනාවන්ත ලෙස ඔහුගේ දියණියට මෙලොව හැර යන්නට සිදු වුණේ මීට වසර ගණනාවකට පෙරයි.
මේ හේතුව නිසා අද වන විට වැඩිමහල් පුතු සමග ජීවත් වීමට සිදු වී ඇති අතර තරුණ වයසේ පසුවන මොහු නමින් කවිදු පිරිස් වේ.

දියණියගේ හදිසි වියෝ ව නිසා බොහෝ සේ කම්පාවට පත් වී සිටි මේ සහෝදරයා තමන්ගේ නැගනියගේ රුව ටැටු එකක් ලෙස තමා අතේ සටහන් කර ගැනීමට කර ගැනීමට මොහු කටයුතු කරන්නේ නැගණියට තිබූ ඒ ආදරේ නිසයි මීට අමතරව ඔහු තම නැගණිය වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් පසුගිය දිනක සිදු කළ බව සමාජ මාධ්ය තුළ බොහෝ සේ කතා බහට ලක් කරන්න කරන්නට වුනා.
ඔහු කාලයක් තිස්සේ තමන්ගේ කොණ්ඩය වවා එම කොණ්ඩයේ පිළිකා රෝහලට පරිත්යාග කරන්නට වුනා. මෙම කටයුත්ත බොහෝ දෙනාගේ අවධානයට යොමු වු තරුණක් වු අතර බොහෝ දෙනෙකු එම කටයුත්ත අගය කරන්නට වුනා.
ඒ ආකාරයෙන් ඔහු තම කොණ්ඩය පිළි කා රෝහලට පරිත්යාග කරන ලද දෙවන අවස්ථාව ඒ වුණා. තමන්ගේ නැගණිය වෙනුවෙන් ඔහු මේ ආකාරයෙන් සිදුකරන ලද ඒ උතුම් පරිත්යාගය පිළිබඳ අප හදවතින්ම ඔහුට ගෞරව කළ යුතුයි.
ඒ වගේම ඔවුන් අතරින් සමුගෙන ගිය එම ආදරණීය දියණියට නැතිනම් ආදරණීය නැගණියට නිවන් සුව ලැබේවා








