ගොසිප් පුවත්තරු ගොසිප්

පුංචි තීරයට නැවතත් පැයු සුදු සඳ වාගේ ලස්සන සුදුම සුදු ඕෂධි හේවාමද්දුම

පුංචි තිරය මෙන්ම සිනමාවත් හැඩ කරපු සුන්දර  රංගන ශිල්පිනියක් වශයෙන් අදටත් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳුණු චරිතයක් බවට රංගන ශිල්පිනී  ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්.

සිනමා කෘතිවල ඉතා විශිෂ්ට රංගනයක යෙදුණු මේ දක්ෂ රංගන ශිල්පිනිය එදා වගේම අදටත් ඇයගේ සුන්දරත්වය ඒ අයුරින්ම පවත්වා ගෙන යනු ලබන රංගන ශිල්පිනියක් වනවා. කාලයක් දේශපාලන කටයුතුවලදී  කතාබහට ලක්වූ චරිතයක් ලෙසද ඇය මෙරට ජනතාව අතර ප්‍රසිද්ධ වුනා.

හිටියට වඩා ඇයගේ සුන්දරත්වය එන්න එන්නම වැඩි වීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල තුල ඇය වැඩි වශයෙන් කතා බහට ලක් වු රංගන ශිල්පිනියක් බවටද කාලයක් පත්වී සිටියා.

පුංචි තිරයේ කාලයක් දැක ගැනීමට නොහැකි වූ ඕෂදී හේවාමද්දුම වසර දෙකකට පමණ පසු පුංචි තිරයේ නිර්මාණ සඳහා ඇයගේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඒ අනුව ” සිහින ගෙනෙන කුමරියේ” ටෙලි නාට්‍යය තුළ ඕෂධී හේවාමද්දුම රංගන කටයුතු සිදුකරනු ලබනවා.

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් පවා ඉතා ආශාවෙන් නරඹන විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස “සිහින ගෙනෙන කුමරියේ” හඳුන්වන්නට හැකි අතර එහි ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගේ ද දායකත්වය ඇති නිසා ඇයට මෙම ටෙලි නාට්‍ය සඳහා ලැබුණු ආරාධනාව සතුටින් භාර ගත් බව ඕෂදී  හේවාමද්දුම මතක් කර සිටියා.

අද වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක් වශයෙන් කටයුතු කරන අය ටෙලිනාට්‍ය 62ක පමණ ඇයට පෙම්වතියගේ චරිතය රඟපෑමට අවස්ථාව උදා වූ අතර අද වන විට ඇය බලාපොරොත්තු වන්නේ ඇයගේ පෙනුමට සහ ඒ වයසට සරිලන චරිත පමණි.

ඉදිරියේදී හොලිවුඩ්වල පවා කටයුතු කරන ලද අධ්‍යක්ෂකවරයෙකුගේ අලුත්ම නිර්මාණයකට සම්බන්ධ වීමට ඇය බලාපොරොත්තුසිටින බවත් වැඩිදුරටත්  මතක් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button