
එදා මෙදා තුර ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට බිහි වූ අමිල මැණිකක් වන ඔහු 1975 වසරේ “තට්ටුමාරු” නම් වේදිකා නාට්‍ය හරහා රංගන ක්ෂේත්‍රයට පා තබා,..
මේ වන විට රිදී තිරයත්, පුංචි තිරයත්, වේදිකාවත් යන ත්‍රිත්වය ම එක ලෙස ජයගත් ,කලා ක්ෂේත්‍රයේ සදා නොමැකෙන නාමයක් තබා තිබෙන රංගන ශිල්පියෙක් කිව්වොත් නිවැරදි.
ඔහු තමයි අති දක්ෂ, ප්‍රවීණ ,ජනප්‍රිය රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් කියලා කියන්නේ. නිර්මාණයන් තුළින් නිතර දක්නට නොලැබුණත් රසික හදවත් තුළ සදා ජීවමාන රංගන ශිල්පියෙකු වන ඔහු..
මේ වන විට සිනමා නිර්මාණයන් දෙසීයකට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට අප්‍රමාණ දායකත්වයක් ලබා දී තිබෙන රංගන ශිල්පියෙකු බව නොරහසක්.
රංගනයට පිවිසි මුල් කාලයේ වැඩි වශයෙන් දුෂ්ටයාගේ චරිතය නිරූපණය කළත් ඔහුගේ දස්කම් හඳුනාගත් බොහෝ රසිකයින් ඔහුව ආදරයෙන් වැළඳ ගනු ලැබූවත් ඇතමුන් ඔහුට දොස් නැගුවේ සිනමාවේ දුෂ්ටයා යැයි කියමිනුයි.
නමුත් වැඩි ප්‍රේක්ෂක පිරිසගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වී සිටින ඔහු මේ වන විට ඒකාකාරී චරිතයන්ගෙන් මිදී විවිධාකාර වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් දිනා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා කිව්වොත් නිවැරදියි.
රංගන ක්ෂේත්‍රයට බිහිවූ වාසනාවන්තම රංගන ශිල්පියෙකු වන ඔහුට එදා මෙන්ම අදටත් දේශීය මෙන්ම විදේශීය රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව හිමි වන අතර
ඒ පිළිබඳව ඔහු කියා සිටින්නේ ප්‍රේක්ෂකයින් ඔහු අසලට පැමිණ ඔහුව වැළඳ ගෙන ලබා දෙන ආදරය විටෙක හදවතට දරාගත නොහැකි තරම් සතුටක් ගෙන දෙන බවයි.
ඒ වගේම දක්ෂතාවය, ජනප්‍රියත්වය නිසාම සම්මානයන් රාශියකට පාත්‍ර වී සිටින ඔහු විරාගය, රජ දරුවෝ, කඩුල්ල වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂකයින් හඳුනා ගන්නා, රසික ආදරය දිනා ගන්නා ඔහු හට එකල දක්ෂතාවය, ජනප්‍රියත්වය මෙන් ම කඩවසම් බව නිසාම තරුණියන්ගෙන් විවාහ යෝජනා 50 කටත් අධිකව ගලා ආ බවයි.
ඒ වගේම මේ වන විට සුන්දර විවාහ දිවියක් ගත කරන මේ ප්‍රවීණ රංගන ශිල්පියා කියා සිටියේ ඔහුගේ රංගන දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේ ද සාර්ථකත්වයට තම ආදරණීය බිරිඳ බෙහෙවින් උපකාර වූ බව හා විවේකයක් ලද විට විනෝදාංශයක් ලෙස,
තරුණ කාලයේ football ක්‍රීඩා කිරීමත් ,විවිධ රටවල කාසි එකතු කිරීමත් ප්‍රිය කළ බව හා මේ වන විට තම බිරිඳ හා දරු මුණුපුරන් සමග එළියට ගොස් විනෝද වීමට ප්‍රිය කරන බවයි.
ඉතින් අප රටේ කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අප්‍රමාණ දායකත්වයක් ලබාදුන් මේ අති දක්ෂ, ජනප්‍රිය ,ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතාට ඉදිරියටත් අපේ කලා කෙත පෝෂණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.








