උණුසුම් පුවත්

රිමාන්ඩ් කළ දුමින්ද දිසානායක,අධිකරණ නියෝග මත බන්ධනාගාර රෝහලේ

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණ නියෝගයට අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇතැයි වාර්තා වුණා.

ඔහු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාරගේ ඊයේ නියෝග කර තිබුණේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව ඔහු රෝගී තත්ත්වයෙන් පසු වන නිසා බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවිය, බලපත්‍රයක් නොමැති නීතියානුකූල නොවන ගිනි අවියක් බවත්, හතරවන සැකකරුවන දුමින්ද දිසානායක පළමුවැනි සැකකාරිය හට දුරකථනයෙන් කතා කර තමන් දැනුම් දෙනතුරු එය පළමුවන සැකකාරිය ළඟ තබාගන්නා ලෙසට පවසා ඇති බවට අනාවරණය වී ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහිදී අධිකරණය හමුවේ පවසා තිබුණා.

තම පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ භාරයේ අදාල ගිනි අවිය තිබූ බවට සැකකාර දුමින්ද දිසානායක ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩි දුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, එය ප්‍රතික්ෂේප කරන බවයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට පවසා ඇත්තේ.
වැල්ලවත්ත පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත් මේ සම්බන්ධව විශ්ලේෂණ කටයුතු සිදුකරමින් විමර්ශන ක්‍රියාත්මක බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණ හමුවේ පැවසුවා.
එසේම, ගිනි අවියද රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනීමට නියමිත බවයි ඔවුන් කියා සිටියේ.
මේ අතර, අදාළ ගිනිඅවියේ 21238644 ලෙස අංකයක් සදහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව විමර්ශන නිලධාරීන් සදහන් කළා.
එසේම එම ගිනිඅවිය යම් හමුදා කදවුරකින් අස්ථානගතවූ අවියක් ද යන්න පිළිබදවද විමර්ශන ක්‍රියාත්මකයි.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ, විවිධ චෝදනා මුල්කරගෙන හිටපු අමාත්‍යවරුන් ඇතුලු ප්‍රභලයන් කිහිපදෙනෙකු මේ වනවිට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පසුබිමකයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button