
මිනිසාගේ ශරීරයේ පවතින විශාල ම ඉන්ද්‍රිය වශයෙන් සලකනු ලබන්නේ සමයි. මිනිස් ශරීරයේ අභ්‍යන්තරය සම දැකගැනීමට හැකි වනාන්තර අභ්‍යන්තරික අවයව ආරක්ෂා කිරීම සඳහා මෙන්ම විශාල කාර්යභාරයක් මෙම සම මගින් මිනිස් ශරීරයට සිදු කරනු ලබනවා.
මිනිසාට දැනෙන සීතල, රස්නය, වේදනාව ආදී වශයෙන් සියලුම සංවේදක ප්‍රථමයෙන්ම යොමු වන්නේ මෙකී සම මතට වේ. මේ නිසා අපේ ශරීරයට වන විවිධ අනතුරු ආදිය වීමට ප්‍රථම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය සංවේදන මෙම සම මගින් අපව දැනුවත් කිරීම සිදු කරනු ලබනවා.
පිලිස්සීම යනු සම මත සිදුවන ඉතා වේදනාකාරී දෙයක්. කුඩා පිළිස්සීමක් වුවද ඉතාමත් තදින් අපට දැනෙන්නේ එම සම මත ඇති සංවේදනශීලීත්වය නිසා වේ.

විශාල පිළිස්සීම් අනතුරුවලදී ශරීරයේ ඇති සමට දැඩි හානි සිදුවන අතර මේ නිසා විවිධ අපහසුතාවලට පත්වෙන පිරිස ද ආපහු ඕනෑ තරම් දැක තිබෙනවා.
මේ නිසා ශරීරයේ වෙනත් කොටසකින් ලබාගත් සම එම පිලිස්සුණු සම මත බද්ද කිරීම දැකගැනීමට හැකි වනවා. නමුත් සමහර අවස්ථාවලදී එම ස්ථානවලට සංවේදනයන් නොදැනීමේ අවස්ථාද ඇත.
නමුත් මීට විසදුමක් ලෙස පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවේ RMIT විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් අපූරු විසඳුමක් සොයා ගන්නට යෙදුනා.
ඒ සිලිකන් රබර් ආශ්‍රිත අපූර් නිෂ්පාදනය. මේ සිලිකන් රබර් භාවිතා කරමින් සංවේදන දැනෙන කෘතිම සමක් නිෂ්පාදනය කරන්නට ඔවුන් සමත් වුණා.

මෙම කෘතිම සම මඟින් අප සාමාන්‍යයෙන් රස්නය සහිත දෙයක් ඇල්ලූ විට එම සම හරහා මොළයට එන බලපෑම මෙම කෘතිම සම මගින් දක්වන අතර මොලේ මොළය හා ස්නායු පද්ධතිය මගින් දනවන අනතුරු හැඟවීම් හඳුනාගෙන ඉතා ඉක්මනින් අත ඉවතට ගැනීමට හැකිවන ලෙස සංඥා නිකුත් කිරීමේ හැකියාව මෙම කෘතිම සම සතු වේ.
සිලිකන් රබර් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද මෙම කෘතිම සම කෘතිම අත් පා සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇති බව එම පර්යේෂණ සිදුකරන ලද කණ්ඩායම විසින් අසා තිබෙනවා.








