තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට අවස්ථාවක් උදාවු සෙව්වන්දි නයනතාරා කියපු කතාව

ටික්ටොක් රැජින, ටික්ටොක් නිළිය ලෙස හඳුන්වන ඇය නමින් සෙව්වන්දි නයනතාරා වේ. ටික්ටොක් හරහා ජනප්‍රිය වූ චරිත අතර ඇයගේ නමත් අපේ රටේ ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වී තිබෙනවා.
ටික්ටොක් හරහා ජනප්‍රිය වූ තරුවක් වූ ඇය අද වන විට දක්ෂ ජනප්‍රිය මෙරට ප්‍රේක්ෂකයන් අතරට ගිය සුන්දර රංගන ශිල්පිනියක් බවට ද පත්වී තිබෙනවා.
ඇය පිළිබඳ වැඩිදුරටත් කතා කිරීමේදී ඇයට රංගන කටයුතු සඳහා අවස්ථාව උදාවන්නේ අහම්බෙන් වන අතර ඊට පෙර ඇය වෙලද දැන්වීම් වල සහ මියුසික් විඩියෝ සදහා ඇයගේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

රංගන කටයුතු ඔස්සේ ඇය ඇය ප්‍රේක්ෂකයාට ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ “තෝඩු ” ටෙලිනාට්‍ය ඔස්සේය. මේ සුන්දර යුවතිය මේ වන විට විවාහක තරුණියක් වන අතර ඇය විවාහ වී ඇත්තේ මැණික් ව්‍යාපාරිකයකු සමගයි.
සුන්දර රූමතියක් වන ඇය නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වනවා. නමුත් ඇයගේ පවුලේ යම් හේතු නිසා ඇයට රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර,
ඇයට සුවිශේෂී අවස්ථාවක් ලෙස තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට අවස්ථාවක් උදා වී තිබෙනවා. ඇය ඒ පිළිබඳව තම අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

“මම නම් ආසයි සිනමාවට එකතු වෙන්න. ගෙදර අය තමයි මට ඒකට කැමැත්ත දෙන්නේ නැත්තේ. සිනමා නිර්මාණයක් කරද්දි දවස් ගණන් එළියේ නතර වෙලා ඉන්න වෙන නිසා ගෙදර අය කැමති නැහැ.
මට තෙළිගු චිත්‍රපටියකට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබුනා. නමුත් සැමියාගෙන් එකට අවසර ලැබුනේ නැහැ. ගෙදර ඉද්දි තාත්තා කැමැත්ත දුන්නෙ නැහැ. දැන් සැමියා තමයි කැමැත්ත දෙන්නේ නැත්තේ.”









