
මෙරට ප්‍රේක්ෂකයින් අතර මෙන්ම ජාත්‍යන්තරයේ ද බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නරඹන ගායන තරු තේරීමේ සුපිරි තරඟාවලියක් ලෙස සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන voice teen වැඩසටහන හඳුන්වන්න පුළුවන්.
ගායනයට දස්කම් දක්වන මෙරට සිටින නව යොවුන් වියේ තරුණ තරුණියන් ගණනාවක් මෙම තරගාවලිය සඳහා තරඟාවලිය සඳහා සහභාගි වූ අතර විවිධ දස්කම් වලින් යුත් ගායන තරු මේ වේදිකාව ඔස්සේ දැක ගැනීමට හැකි වූ අතර අද වන විට ප්‍රේක්ෂක ආදරය ඉතාමත් ඉහළින් ලබා ගැනීමට සමත් වූ දක්ෂ තරු ගණනාවක් ද මේ වේදිකාව ඔස්සේ බිහි වී තිබුණා.
තමන්ට ආවේණික වූ වෙනස්ම විදිහේ සුන්දර කටහඬවල් වලින් මෙම වේදිකාව හැඩ කරපු බොහෝ දෙනකු අදටත් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරයට පාත්‍ර වී තිබෙනවා.

එවැනි අමතක නොවන චරිතයක් ලෙස වෙනස්ම ආකාරයේ සුන්දර කටහඬක් හිමි ගායිකාවක් ලෙස වොයිස් ටීන් වේදිකාව ලස්සන කරපු යොවුන් ගායිකාවක් ලෙස එරන්දි හේෂානි හඳුන්වන්න පුළුවන්.
අද වන විට එරන්ද හේෂානි මේ රට මෙරට ජනප්‍රිය ගායන තරුවක් බවට පත්වී ඇති අතර ඇයට තවමත් වයස අවුරුදු 16 වන අතර මෙවන් වයසකදී ඒ මෙරට ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වීම සැබැවින්ම ඇයගේ දක්ෂතාවයේ ප්‍රතිඵලයකි.
පසුගිය දිනෙක එරන්දි හේෂානි පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ඡායාරූප කිහිපයක් පළ වී තිබුණා. ඊට හේතුව වුණේ ඇගේ සුන්දරත්වය පෙන්වු ඇගේ සුන්දර කෙස් කළඹ තවත් කෙනෙකුගේ සතුටක් වෙනුවෙන් දන් දීම හේතුවෙනි.

පසුගිය කාලයේ නිවසට වී සිටි නිසා ඇයගේ කොණ්ඩය තරමක් දිගු අතර ඇය අඳුනන කෙනෙකුට ඇයගේ කොණ්ඩය ලබාදීම සම්බන්ධව ඇය මහත් සේ සතුටු වන බවත් පවුලේ අයගෙන් කිසිදු විරෝධතාවය ඇයට හිමි නොවූ බවත් ඒ මතක් කර සිටියා.
තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් මෙවන් දෙයක් කරපු එරන්ද හේෂානිට අපගේ හද පිරි ප්‍රණාමය පුද කරන ගමන් ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි පහතින් ඔබට දැක ගැනීමට හැකි වන්නේ.









