ගොසිප් පුවත්තරු ගොසිප්

පෙනුම නිසා විවිධ සුන්දර චරිත රගපෑමට අවස්ථාව උදා වන හුරුබුහුටි පූජානි භාග්‍යා

කලා ක්ෂේත්‍රය ක්ෂේත්‍රයට පිවිසි නවක රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන කලා නිර්මාණ රැසකට තම රංගන දායකත්වය ලබාදුන් හුරුබුහුටි සුන්දර තරුණියක් ලෙස පුජානි භාග්‍යය හඳුන්වන්න පුළුවන්.

වෙනස්ම විදිහේ සුන්දර පෙනුමක් හිමි වූ ඇය මෝස්තර නිරූපිකාවක් වශයෙන් ක්ෂේත්‍රයට පිවිසි යෞවනියක් වනවා. ඇයගේ හුරුබුහුටි පෙනුමත් කතා විලාසයක් නිසා ප්‍රේක්ෂකයාග් සිත් දිනා ගත් යොවුන් රංගන හ්ල්පිනියක් වශයෙන්ද ඇයව වැඩි දුරටත් හදුන්වන්න පුළුවන්.

පූජානි භාග්‍යා ඇයට වයස අවුරුදු දොළහේදී “දරුවනී” චිත්‍රපටය ඔස්සේ කලාවට පිවිසෙන අතර 2018 වසරේ පැවැත්වු  හිරු අවුරුදු කුමරිය හරහා මේ සුන්දර යුවතිය කලා ක්ෂේත්රය තුළ දැක ගැනීමට හැකි වනවා.

අහස් මාලිගා, නාඩි, හදවිල අරණ, අසංවර වැස්සක්  යන ටෙලි නිර්මාණ ඔස්සේ ඇයගේ රංගනයන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වූ අතර ඒ විසින් නිරූපණය ගන්නවා ලැබූ විවිධ චරිත නිසා අපේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමට සමත් වූ යොවුන් රංගන ශිල්පිනියක් වනවා.

නිරූපිකාවක් වශයෙන් ද ඇය විවිධ විලාසිතා ඔස්සේ සමාජ මාධ්‍ය තුළ නිතර දකින්නට ලැබෙන සුරූපී යුවතියක් ද වේ. නවතම සිනමාපට කිහිපයකට ඇයගේ රංගන දායකත්ව ලබා දී ඇති අතර එම සිනමා ‍පට ඉදිරියේදි ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වේ.

හුරුබුහුටි අහිංසක පෙනුමක් ඇය සතු නිසා ඇයට ලැබෙන්නේ ද එවැනි චරිත වන බවත් නමුත් ඇය පවසා සිටියේ තමන් අහිංසක නැති බවත් කටකාර වගේම දඟකාර තරුණයෙක් බවත්ය.

ඉදිරියේදි ලැබුනු  භාරගත් ‍නිර්මාණ සාර්ථකව අවසන් කිරීම ඇයගේ බලාපොරොත්තුව වේ. ඉතින් කටකාර දඟකාර මේ සුජානිගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button