ගොසිප් පුවත්තරු ගොසිප්

රෝසම රෝස පාටට ඉන්න තරුණයන්ගේ හිත සොරා ගැනීමට සමත් සුන්දරිය හිමායා බණ්ඩාර

හිමායා නම කියපු ගමන් ඇයගේ ඒ සුන්දර මුහුණ ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මතකයට නැගෙන සුන්දර සිනහවක් හිමි සුන්දර රංගන ශිල්පිනියක් වනවා. ඇය නමින් අංජලී හිමයා බණ්ඩාර වේ. නමුත් ඇයව බොහෝ දෙනා හදුනන්නේ හිමායා බණ්ඩාර ලෙසයි.

නිරූපණ පාඨමාලාවක් හදාරා ඒ ඔස්සේ රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇයගේ පළමු රංගනය දැක ගැනීමට හැකි වන්නේ “රාස්ස කැලේ ” චිත්‍රපටය ඔස්සේ.

ඉන් අනතුරුව ඇයගේ සුන්දර රඟපෑම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඔස්සේ දැක ගැනීමට හැකි වූ අතර ඇයගේ රංගනය ටෙලි නාට්‍යයක් වශයෙන් දැක ගැනීමට හැකි වන්නේ “හිම කවුළු” ටෙලි නාට්‍ය තුළිනි.

එතැන් සිට රංගන ක්ෂේත්‍රයේ නිර්මාණ රැසකින් ඇයගේ විවිධ චරිත නිරූපණ ගණනාවක් දැක ගැනීමට ප්‍රේක්ෂකයාට හැකි වුණා. කුඩා කාලයේ සිටම රඟපෑමට කැමති දැක්වූ ඇය අද වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනා අඳුරන සුන්දර චරිතයක් බවට පත්වී තිබෙනවා.

ස්වර්ණවාහිණියෙ විකාශය වන හදවත් කතාවේ ඇයගේ රංගනය මේ දිනවල දැක ගැනීමට හැකි වනවා. ඇය ප්‍රේක්ෂකයා අතරට ගියේ ගිය සුන්දර චරිතයක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වූ දෙවන ඉනිම කතාමාලාවේ සොනාලි ටීචර් ගේ චරිතය හඳුන්වන්න පුළුවන්. මේ නිසා හිමායා ප්‍රේක්ෂකයා අතරට ගිය අමතක නොවන සුන්දර චරිතයක් බවට පත් වනවා.

රංගනයට අමතරව නිවේදිකාවක් ලෙසද ඇයකටයුතු කරනු ලබනවා. සුන්දර රූසපුවක් හිමි නිසා තාරුණ්‍යයේ බොහෝ පිරිමි ළමයි අතර ජනප්‍රිය චරිතයක් ලෙසට ඇයව හඳුන්වන්න පුළුවන්. තරුණියන්ගේ සිත් ඇති ළ යන රූසපුවක් හිමි ඒ සුන්දර හිමායාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button