
අපේ රට තුළ ගායන, රංගන, නර්තන ආදී වශයෙන් කලා ශ්‍රේෂ්ඨ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීනයන් රැසක් දැක ගැනීමට හැකි වන අතර අද වන විට නව යොවුන් පරපුරේ බොහෝ දෙනකුත් කලාවේ මෙම විවිධ ක්ෂේත්‍ර සඳහා යොමුවී සිටිනවා.
අපේ රට තුළ කලාවට උරුමකම් කියන කලාවෙන් පැවතගෙන එන පවුල් දැක ගැනීමට හැකි වනවා. එය ගායන, රංගනය මෙන්ම නර්තනයටද පොදු කරුණක් අපි මේ කියන්නේ නර්තනය හා සම්බන්ධ කලා පවුලකින් පැවත එන අපේ රටේ නව යොවුන් වියේ පසුවන සුන්දර තරුණියක් ගැනයි.

ඇයගේ නම කියූ පමණින් මෙරට තුළ ඇය හඳුන්වන්නේ නැති කෙනෙකු නොමැති තරම් ය. ඇය නමින් අසේකා විජේවර්ධන වේ . නර්තන කලාවේ මෙරට තුළ අමතක නොවන චරිත දෙපළක් වන චන්න විජේවර්ධන සහ උපුලී මහත්මියගේ එකම දියණිය වන්නේ ඇයයි.
කුඩා කාලයේ සිටම නර්තන කලාව සමඟ හැදී වැඩිනු ඇයට මවට පියාට මෙන් අසේකාට ද නර්තන කුසලතාව උපරිමයෙන් පිහිටා ඇත. සුන්දර නර්තන ශිල්පිනියක් ලෙස ඇයව රටම හදුනාගෙන තිබෙනවා.

මේ නිසා මෙරට පවත්වන විධ ප්‍රසංගවලදී වේදිකාව තුළ දැකගත හැකි සුන්දර චරිතයක් ලෙස ඇයව විවිධ නර්තන ඔස්සේ ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වනවා.
අපේ රටේ සංස්කෘතිය කලාව රැකගනිමින් මෙරට නර්තන කලාව ඉහළ ස්ථානයක තැබීමට වෙහෙස මහන්සි වී කැප උන චන්න උපුලි දෙපළ මෙන් ඔවුන්ගේ ආදරණීය දියණිය වන අසේකාට ද නර්තන කලාවේ ඉහලටම ගොස් අපේ රටේ කලාව රැක ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්‍රේක්ෂක අපි ප්‍රාර්ථනා කරමු. සුන්දර නර්තන ශිල්පිනී අසේකා සුන්දර ඡායාරූප කිහිපයක් මේ









