නැවත වරක් රංගන කටයුතු වලින් ඔබට දැක ගැනීමට හැකි වන රංගන ශිල්පිනි ප්‍රතිභා හෙට්ටිආරච්චිට

අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් අතර අමතක නොවන චරිතයක් බවට පත් වු සුවිශේෂි කලාකරුවෙකු ලෙස ගාමිණි හෙට්ටිආරච්චි මහතා හදුන්වන්න පුළුවන්.
මේ සුන්දර රංගන ශිල්පියා අද අප අතර නැති වුවත් ඔහු කලා හැකියාව ඔහුගේ ආදරණිය දියණිය වන ප්‍රතිභා හෙට්ටිආරච්චිට ඒ අයුරින්ම ලබා දී තිබෙනවා. ඊට හේතුව වන්නේ ප්‍රතිභා හෙට්ටිආරච්චි කියන්නේද අපේ රටේ කවුරුත් හදුනන සුන්දර රංගන ශිල්පිනියක් වීම නිසයි.
වේදිකාවෙන් රංගන ජිවිතයට පිවිසෙන ඇය කලා පවුලක උපත ලැබිම නිසාත් ඇයට උපතින්ම එම කලාව පිහිටා තිබුනි. ඊට ප්‍රධානම හේතුව වන්නේ ඇයගේ මව සහ පියා දෙදෙනාම ඔබ හදුන්න රංගන ශිල්පීන් වන නිසයි.

මේ නිසා රංගනයන් තුළින් ඇයගේ දක්ෂතා ප්‍රේක්ෂකයාට හොදින් දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා. කාලයක් විවිධ රංගනයන් තුළින් ඇයගේ රංගන හැකියාව ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව උදා වු අතර මෑත කාලයේදි ඇයව දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට උදා වුනේ නෑ.
ඊට හේතුව වුයේ ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලය බාහිර කථිකාචාර්යවරියක් ලෙසත්, ඇඩ්වර්ටයිසින් ආයතනයක රැකියාවක් සිදු කිරීමත් නිසාත් මවක් වශයෙන් දරුවන් නිසා කාර්යබහුල වු නිසාත් ය. නමුත් රංගන කටයුතු වලින් ඇත් නොවුනත් කෙටි කාලයක් නිහඩව සිටිය බව ඇය මතක් කර සිටියා.

නමුත් මේ වන විට රැකියා කටයුතු වලින් ඇත් වී කාලය ගත කරන මේ සුන්දර රංගන ශිල්පිනිය නැවත රංගන කටයුතු සදහා එළඹෙන්නට තීරණය කර තිබෙනවා.
ඉතින් ඇයගේ රංගනයට ආදරය කරන ඇයගේ රසික රසිකාවියන්ට ඉදිරියේදි ඇයගේ රංගන කටයුතු නැවත වතාවක් දැක ගැනීමේ අවස්ථාව උදා වනවා. සුන්දර ප්‍රතිභා හෙට්ටිආරච්චිගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.









