ගොසිප් පුවත්තරු ගොසිප්

ලහිරු තිරිමාන්න දෙවන දරුවා ලැබෙන්නට සිටින තමන්ගේ ආදරණිය බිරිඳ සමග ලබා ගත් ලස්සන ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ අපේ රටේ වාගේම ලෝකයේම නමක් දිනා සිටින අති විශිෂ්ට ගණයේ  ක්‍රිඩකයින් සිටින කණ්ඩායමක්.

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර අතිශයින්ම ජනප්‍රිය වු චරිතයක් බවට පත් වු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩයෙකු වශයෙන්  ලහිරු තිරිමාන්න හදුන්වන්න පුළුවන්.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට කණ්ඩමේ ආරම්භක පිතිකරුවෙකු වශයෙන්ද තමන්ගේ දක්ෂතා පෙන්නුම් කරපු මොහු යොවුන් පරපුරේ කා අතරත් සිත් දිනා ගැනීමට සමත් කඩවසම් ක්‍රීඩයෙකු වශයෙන් ද ලහිරු තිරිමාන්න හදුන්වන්නට පුළුවන්.

01

මොහුගේ දක්ෂතා නිසාම කාලයක් ජාතික ක්‍රිකට කණ්ඩායමට නැතුවම බැරි ක්‍රිඩයෙකු බවට ද මොහු පත් වුනා.බොහෝ දෙනාගේ ආදරය, ආකර්ශණය දිනා ගත් මේ ක්‍රිකට් තරුව අද වන විට ආදරණිය ස්වාමියෙක් වාගේම ආදරණීය පියෙකුද වනවා.

ඔහුගේ බිරිද වන්නේ රුක්ෂානි හරිස්චන්ද්‍ර‍ යි. ලහිරුගේ වැඩිමහල් පුතු වන්නේ ලිවාන් රශ්නුක යි. නමුත් මේ වන විට ලහිරු දෙවන වරටත් පිය පදවිය ලැබීමට සුදානම් වී සිටින අතර ඒ බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔවුන් ඔහුගේ ආදරණිය පුංචි පවුල සමග එකතු වී සිදු කරන ලද ලස්සන ෆොටෝ ෂුට් එකෙන් ඔහුගේ රසිකයින්ට දැක ගැනීමට හැකි වුනා.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න ලහිරු  ඇතුළු ඔහුගේ ආදරණිය කැදැල්ලේ සාමාජිකයින් සමග කරපු ඒ ලස්සන ෆොටෝ ෂුට් එකේ ඡායාරූප කිහිපයක් තමයි මේ. දෙවන වරටත් මව් පදවිය ලැබීමට ඉන්න  ලහිරු තිරිමාන්නගේ ආදරණිය බිරිද සහ ඔහුට අපිත් සුභ පතමු.

02

03

04

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button