ගොසිප් පුවත්තරු ගොසිප්

ඉදිරි දිනයකදි විවාහ විමට සුදානම් වී සිටින රංගන ශිල්පිනි තරින්දි සහ ඉසුරු

රංගනයෙන් නර්තනයෙන් තමන්ගේ දක්ෂතා ප්‍රේක්ෂකයාට පෙන් වු මේ නිසාම කෙටි කාලයක් තුළ තම ජනප්‍රියත්වය ලගා කර ගත් මේ සුන්දර තරුණිය නමින් තරින්දි ප්‍රනාන්දු වේ.

ඇයට ලබා දෙන ඕනෑම චරිතය තාත්වික ලෙස එම චරිතයට සදාරණයක් ඉටු කරමින් රගපැම් කටයුතු කිරීමට සමත්  ඇය විවිධ චරිත නිරුපණයන් ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිය රංගන ශිල්පිනියක් වනවා.

වෘත්තියෙන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු ඇය මේ වන විට එම වෘත්තියෙන් ඉවත් වී  රංගන කටයුතු සදහා ඇයගේ දායකත්වය ලබා දී තිබෙනවා.

හිරු මේගා ස්ටාර් තරගාවලිය ඔස්සේ ඇයගේ නර්තන හැකියාව ඇය වටා සිටින රසිකයින්ට දැක ගැනීමට හැකි වුනා. කුඩා කාලයේ සිට අද වන තෙක් නර්තන කටයුතු වලට ඇති කැමැත්ත නිසාම ඇය නර්තනය පිළිබද හැදැරීම් සිදු කර ඇත. මේ නිසාම අද හිරු වේදිකාවේ දක්ෂතා ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව උදා වී ඇත.

විවිධ චරිත ඔස්සේ ඇයගේ රංගන කටයුතු දැක දක ගත හැකි අතර . ‘හොඳ වැඩේ’ , ‘මහපොලව’වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ඇගේ රංගන කටයුතු දැක ගත හැක.

ඇය වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගිය චරිතයක් බවට පත් වුයේ පැහැසරා ටෙලි නාට්‍යයේ උපමාලිගේ චරිතයට ඇය පන පෙවු නිසාය. පැහැසරා ටෙලි නාට්‍ය ඇගේ පළමු රංගනය වේ.

මේ සුන්දර තරුණිය ආදරය අත් විදින ආදරනිය පෙම්වතියක් වේ. ඇයගේ පෙම්වතා වන්නේ අපප කවුරුත් දන්නා දක්ෂ රංගන ශිල්පියෙකු  සහ දක්ෂ හඩ නැවීම් ශිල්පියෙකු වන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි වේ.

ඉතින් මොවුන් දෙපළගේ විවාහ කටයුතු  සුදානම් කර සිටියත් රටේ පවතින තත්වය නිසා එම කටයුතු කල් යන බවත් ඉදිරි දිනයකදි දාම් ලෙස ඔවුන්ගේ විවාහ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය මතක් කර සිටියා.  මේ ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button