මුතු කැටයක් මෙන් සුන්දර අහිංසක සුන්දර සිනහාවක් නිතර මුව රැදි රංගන ශිල්පිනි මුතු තරංගා

අහිංසක ආදරණිය සුන්දර රංගන ශිල්පිනියක් ලෙස අදටත් ඔබ මම හදුනන ඇය නමින් මුතු තරංගා වේ. කාලයක් පුරාවට ඇයගේ රංගනයන් එක දිගටම ඇයගේ රසිකයන්ට දැක ගැනීමට හැකියාව ලැබුනේ ඇයගේ එම සුන්දර රංගන කටයුතු නිසාය.
රංගනයට වාගේම ගායනයටද, නර්තනයටද දක්ෂ මුතු තරංගා සතු සුන්දර සිනාහව නිසා ඇය කාගේ සිත් වලත් අමතක නොවන සුන්දර චරිතයක් බවට පත් වුනා.
ඇයගේ සුවිශේෂි රංගනය නිසාම මෙරට කලා ක්ෂේත්‍රයේ සම්මාන රැසකින් ඇය පිදුම් ලබනවා. මෙරට කලා ක්ෂේත්‍රයේ කටයුතු රැසකට තම දායකත්වය ලබා දුන් මේ සුන්දර රංගන ශිල්පිනයට එදා හිමි වු ජනප්‍රියත්වය අදටත් ඒ අයුරින්ම රදවා ගැනිමට ඇය සමත් වී තිබෙනවා.

ඇය රංගනයෙන් දායකත්ව ලබා දුන් අම්මාවරුනේ, මැදගෙදර, ආදරේ අහස තරම්, රිදී තාරකා ආදි ටෙලි කතා මාලා අමතක නොවන ඒවා වේ.
මුතු තරංගා විවහා වන්නේ වසර 8 ඇය ආදරය කරපු පෙම්වතා සමගයි. ඔහු නමින් නිශාන්ත ජයවර්ධන වේ. පසුගිය දින වල මුතු තරංගා ගැන වැඩි වැඩියෙන් සමාජ මාධ්‍ය ජාලා වල කතා බහට ලක් වුනේ ඇය උතුම් මව් පදවිට ලැබීම නිසයි.

පුංචි පුතෙකුගේ මවක් වු ඇයට සුබ පතා ඇයගේ ආදරණිය රසික රසිකාවියන් රැසක් ඇයට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සුභ පැතුම් රාශියක් එක් කර තිබුනා.
මේ දින වල ඇයව දැක ගැනීමට රසිකයින්ට අවස්ථාවක් නොලැබි ඇත්තේ ඇය මේ වන විට තමන්ගේ පුතුගේ රාජකාරි සදහා කැප වී සිටින නිසයි. ඇයටත් ඇයගේ ආරනිය සැමියා සහ පුංචි පුතු සමග ගෙවන ජිවිතයට ඇයගේ රසිකයන් වන අප සුබ පතමු.









