
අපේ රටේ කලා ක්ෂේත්රයේ තුළ යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියන් අතර කාගේත් ආදරය අවධානය දිනාගත් තවත් එක් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් බුවිනි චාපා දියලගොඩ හදුන්වන්නට පුළුවන්.
කාලයක් අපේ රටේ පුංචි තිරය රිදී තිරය ඇයගේ රංගනයෙන් හැඩ කරන ලද අතර නමුත් කාලයක සිට කලා ක්ෂේත්රය තුළ ඇයව දැක ගැනීමට නොහැකි වී ඇත්තේ විවාහයෙන් පසුව ඒ රංගන කටයුතු වලින් ඉවත් වීම නිසයි.
විවාහයෙන් පසු ව්‍යාපාරිකයෙකු වන තමන්ගේ ස්වාමියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීම නිසාත් ඒ වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට වූ නිසාත් කලා කටයුතුවලින් තමන් ඇසූ බව ඇය තම අදහස් දැක්වීමට දී ප්‍රකාශ කර තිබුණා.
අවසාන වතාවට ප්‍රේක්ෂකයා හමුවට රංගනයෙන් ඇයි පිව පිවිසෙන්නේ අයි.ටී.එන් නාලිකාවේ විකාශය වූ පිණි නාට්‍යයේ තුළිනි. කලා කටයුතුවලින් මේ වන විට ඉවත් ව සිටියත් අලුත් නිර්මාණ ගණනාවකටත් අදටත් තමන්ට ආරාධනා ලැබෙන බවත්,
ව්‍යාපාර කටයුතු මෙන්ම පවුලේ කටයුතු සමග සමඟ කාර්යබහුල වීම නිසා එම නිර්මාණ භාර නොගැනීමට ඇය තීරණය කර ඇති බවද පවසා තිබුනා.
තමන්ගේ ආදරණීය ස්වාමියා සමග ඉතාමත් සුන්දර පවුල් ජීවිතයක් ගත කරන බුවිනිගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වන අතර,
මීට දින කිහිපයකට පෙර බුවිනි තමන්ගේ ආදරණීය සාමයත් සමග නුවරඑළියෙ සංචාරයකට එක් වී තිබූ අතර එහිදී සුන්දර ඡායාරූප පෙලක් ඔවුන් විසින් ලබාගෙන තිබුණා.
ඉතාමත් ආදරණීය ඡායාරූප පෙළක් වන මේ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කාගේත් අවධානයට යොමු වූ ඡායාරූප පෙළක් බවට පත්වී ඇති අතර ඉන් කීපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ









