තාක්ෂණික පුවත්දේශිය පුවත්ව්‍යාපාරික පුවත්

2022 වසරේ අපේ රටින් කලඑළි බසින පළමු ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය

නව නිපැයුම් ගැන කතා කරන විට අපේ රටින් විශාල නව නිර්මාණ රාශියක් මේ වන විට බිහිවී ඇති අතර අදටත් නව නිර්මාණ රැසක පර්යේෂණයන් පවත්වන ලබන අතර විවිධ ක්ෂේත්ර ඔස්සේ මෙම නව නිර්මාණය ඉදිරිපත් කරනු ලබනවා.

පසුගිය දිනක අපේ රටෙන් ඉතා වැදගත් නව නිර්මාණයක් බිහි වූ අතර මෙය ත්රී රෝද රථයක් ලෙස පෙන්වාදිය හැක. අප මේ කතා කරනු ලබන නව ත්රී රෝද රථය බිහි කරනු ලබන සමාගම වන්නේ Vega invention සමාගමයි.

01

මෙය අපේ රටේ පළමු වරට බිහිවූ electric ත්රිරෝද රථය ලෙස පෙන්වා දිය හැක. මෙම ඉලෙක්ට්රික් ත්රිරෝද රථය නම්කර ඇත්තේ ETX Platform 2022 ලෙසයි. මෙවැනි රථයක් නිර්මාණය කිරීම සඳහා මූලික වී ඇත්තේ අනාගතේ නාගරික ප්රවාහන සඳහා විකල්පයක් වශයෙනි.

02

වාසි රැසකින් යුතු ත්රිරෝද රථයක් ලෙස මෙය පෙන්වා දිය හැකි අතර පරිසර හිතකාමී වීම, ඉතාම ආරක්ෂාකාරී ලෙස ගමන් කිරීමට හැකි වීම පෙන්වා දිය හැක. මේ නිර්මාණය කිරීමේදී අප නිතර දකින සම්ප්රදායික ත්රීරෝද රථයක පෙනුම මෙයට යොදා ඇති අතර මෙහි සුවිශේෂී අංග රැසකින් සමන්විත වනවා.

03

එහිදී මගීන්ට සුවපහසු ලෙස මේ ගමන් කිරීමට හැකිවන අතර අමතරව භාණ්ඩ ප්රවාහනය ද සිදු කිරීමේ හැකියාව පවතිනවා. මෙම ත්රිරෝද රථය ක්රියාත්මක කිරීමට අවශ්ය බලය ලබා ගනු ලබන්නේ සූර්ය බලය උපයෝගී කරගනිමින් වන අතර ඒ සඳහා මෙම ත්රිරෝද රථයේ වහලේ සූර්ය පැනල සවි කර තිබෙනවා.

මෙම ත්රිරෝද රථය නිල වශයෙන් හදුන්වා දීම සිදු කිරීමට වේගා ආයතනය 2022 වසරේදියි සිදු කිරීමට බලාපොරොත්තු වනවා. ආනාගතයේ දිනක ඔබටත් මෙවැනි තාක්ෂණයෙන් දියුණු රථයක ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

04

05

06

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button