අහුලගත්ත ගොසිප්

නෙහාරා අපිවත් අඩවනවා කියලා ගොඩක් අය කියනවා

එදා මෙදා තුර අපේ රටේ කලා ශේස්ත්‍රයට බිහි වූ අති දක්ෂ, ජනප්‍රිය කලා ශිල්පීන් යුවළක් තමයි මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියලා කියන්නේ.

මේ වන විට විශාල ප්‍රේක්ෂක පිරිසක් ඔවුන් වටා රොක් වී සිටින අතර දරු ප්‍රසූතිය නිසා “හේලි” ටෙලි නිර්මාණයෙන් පසුව වසර එක හමාරක පමණ කාලයක් නිර්මාණයන් තුළින් දක්නට නොලැබුණු නෙහාරා

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “ගුග්ලි” ටෙලි නිර්මාණයේ “සහේලි” නමින් නැවතත් ප්‍රේක්ෂක හමුවට පැමිණ තිබෙන්නේ ඇයට ආදරය කරන සුවහසක් රසික සිත් සතුටට පත් කරමිනුයි.

ඉතා කාලීන මාතෘකාවක් පිළිබඳව කතා බහට ලක් කෙරෙන අර්ථවත් ටෙලි නිර්මාණයක් වන “ගුග්ලි” ටෙළි නිර්මාණයෙහි අධ්‍යක්ෂවරයා වනුයේ මේනක රාජපක්ෂයි.

තම ආදරණීය සැමියා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ටෙලි නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන සතුටට පත්වන නෙහාරා එහි නිරූපණය කරනු ලබන්නේ ආදරණීය මවකගේ, බිරිඳකගේ චරිතයකුයි.

ඇය ,ඇයගේ ආදරණීය සැමියා හා පුතු ගමන් ගන්නා මෝටර් රථය අනතුරකට ලක්ව මියගියා යැයි පැවසුවත් එය විශ්වාස නොකර තම අතු’ රුදහන් වුනු සැමියා හා පුතු සොයා වෙහෙසෙන “සහේලි” නම් ආදරණීය ගැහැනියකගේ චරිතය ප්‍රේක්ෂක දෙනෙතට කදුලක් නැගීමට තරම් තාත්වික ලෙස නෙහාරා නිරූපණය කර තිබෙනවා කිව්වොත් ඔබත් එය පිළිගනු ඇති.

අතිදක්ෂ රංගන ශිල්පියකු මෙන්ම දක්ෂ අධ්‍යක්ෂවරයකු ද වන මේනක රාජපක්ෂගේ නිර්මාණයන් අතර ඉදිරියෙන් රැඳෙන “ගුග්ලි” ටෙලි නිර්මාණය සඳහා මෙන්ම නෙහාරා ගේ රංගනය සඳහාත් අතිවිශාල ප්‍රේක්ෂක හොඳ ප්‍රතිචාරයන් ලැබෙන බවයි ඔවුන් කියා සිටියේ.

මේ වන විට මවක් වන නෙහාරා හට එම චරිතය හදවතටම දැනෙන චරිතයක් බැවින් එය මෙතරම් සාර්ථක ලෙස රංගනයෙන් දායකවීමට ඇය මවක වීමත් හේතු වූ බවයි නෙහාරා කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button