අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

“මම විවාහ වෙන්නේ මගේ ජීවිතේ මගේ පළමු පෙම්වතිය සමඟින්” පාලිත සිල්වා

අසමසම රංගධරයෙක්. විටෙක කලාව තුළ නොමැකෙන මතක සටහන් තැබූ අපූරු චරිතයක්. තව අතකින් ආදරණීය පියෙක්. බිරිඳට ආදරණීය සැමියෙක්.

තවත් විටෙක වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය හා අපූරු සිනමා රංගන ශිල්පියෙක්. ප්‍රවින දක්ෂ ජනප්‍රිය සුවහසක් ජනාදරයට පත් මේ කලාකරුවා තමයි, පාලිත සිල්වා කියලා කියන්නේ.

පාලිත සිල්වා දැනට අවුරුදු 40ටත් වඩා වැඩි කාලයක් වෙනවා, කලා ක්ෂේත්‍රයට පා තබලා. අතිරේක නළුවෙක් විදියට කලාවට පිවිසෙන පාලිත පසුව තම දක්ෂතාවයන් තුළින් ප්‍රධාන නළුවා දක්වාම රංගනයෙන් ඉදිරියටම යනවා.

“මම කලාවට සම්බන්ධ දේවල් වලට විතරක් නෙමෙයි, ක්‍රීඩාවට පවා දක්ෂයි. මට පුංචි කාලේ නම් කොයි වෘත්තිය තෝරගන්නවාද යන්න කියලා අරමුණක් තිබ්බේ නම් නෑ.

මගේ තාත්තා නම් ඉස්සර මට කිව්වේ රැකියාවක් නැති වුණෝතින් ඔහුගේ රැකියාව හරි මට දෙනවා කියලා. කොහොම නමුත් මගේ ජීවිතේ හැරමුව් ලක්ෂය වන්නේ 90 දශකය යි.

ජනාධිපති සම්මානයට පවා මගේ නම නිර්දේශ වෙනවා” ඔන්න ඔය විදියටයි පාලිත සිල්වා ඔහුගේ යටගියාව පවසා සිටියේ. “ආදර කථා වල පෙම්වතාගේ චරිතය රඟපාද්දි මට කාන්තාවන්ගේ ආකර්ශණය නොඅඩුව තිබුණා.

මම විවාහ වෙන්නේ මගේ ජීවිතේ මගේ “පළමු පෙම්වතිය” සමඟිනු යි. ඇය ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක්. අදටත් මගේ ජීවිතේ මගේ වෘත්තියට කිසිම බාධාවක් නොවන අයුරින් කටයුතු කරගෙන යන්නට මාගේ ආදරණීය බිරිඳ ලොකූ අස්වැසිල්ලක් වනවා.

එයා සීමා දාලා ආදරේ රැක ගන්නට උත්සාහ කරේ නෑ. හැමදාමත් මා ආදරේ කරන්නේ ඇයටයි. ඈ රත්තරන් බිරිඳකි මා ජීවිතයේ ලැබූ” කියලා පාලිතයන් ඔන්න ඔය විදියටයි ඔහුගේ ජීවිතේ ආදරේ ගැනත් ප්‍රේමණීය චරිතයන් ගැනත් කියන්නේ.

“ඉස්සර මං හරි ආසයි බයික් පදින්න. ඒ කාලේ විවිධ බයික් වලට මං ආස කලා. රංගනට ආවට පස්සේ විවිධ ඇඳුම් විලාසිතාවන් රංගනය තුළ දී කලත්, සමාජය ඉස්සරහා ඇඳුමෙන් පැළඳුමෙන් කැපී පෙනෙනේනට නම් මං කැමති නෑ.

මගේ ජීවිතේ ඉරුණු ඇඳුම් අයන් නොකරපු ඇඳුම් පවා ඇඳගෙන ගියපු අවස්ථාවන් තියනවා. මම විශ්වාස කරන්නේ ඕනම කෙනෙක් ඇඳුමෙන් පැළඳුමෙන් මනින්න බෑ කියලයි.

ජිවිතේ කියන්නේ අපි තනිව ඇවිත් තනිව යන ගමනකි. හොඳ නරක තේරුම් අරන් අපි ජීවත් විය යුතුයි. වාසනාව ලැබීම කියන දේ පවා අපි සොයා යා යුතු දෙයක්.

ඉතින් මම හැමදේම හොයගෙන ගිහින් ජීවිතේ හොඳ විදියට වෙනස් කරගත් කෙනෙක්” කියලත් පාලිතන් කියන්නට අමතක කරේ නම් නෑ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button