ලංකාවේ විදේශ ආයෝජන ඉතා අඩු නිසා තිබුනාටත් වඩා පහලට වැටිලා – මෙහෙම ඉදිරියට යන්න අමාරුයි – ලෝක බැංකුව දැනුම්දෙයි
ලංකාවේ විදේශ ආයෝජන ඉතා අඩු නිසා තිබුනාටත් වඩා පහලට වැටිලා - මෙහෙම ඉදිරියට යන්න අමාරුයි - ලෝක බැංකුව දැනුම්දෙයි

මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.
එහි නියෝජිතයින් පෙන්වා දෙන්නේ, මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙනඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි.
එමෙන්ම රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.5 ක් තරම් ඉතා අඩුඅගයක් ගැනීම සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රමාණවත් නොවන බවත් ලෝක බැංකුව අවධාරණය කරනවා.
ලෝක බැංකුවේ නියෝජිතයන් විසින් අද පැවති, මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ අවස්ථාවේදී මේ බව පවසා තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥරිචඩ් වෝකර් කියා සිටියේ, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට ‘වෙනස්කම් මාලාවක් සිදු කිරීමට සිදුවන බවයි.
මෙම FDI අගය පෙරදී 1%ක් පමණ වූ අතර එය තවදුරටත් පිරිහී ඇති බව වෝකර් පවසනවා.
කෙසේ නමුත් එය 1.5%ක් පමණ විය යුතු බවත්, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල එය 3%ක් පමණ වන බවත් ඔහු සඳහන් කරනවා.
FDI ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන බාධාවක් ලෙස වෝකර් ඉස්මතු කළේ, ඉඩම් සඳහා ප්‍රවේශවීමේ හැකියාවයි.
රජයට අයත් ඉඩම් ප්‍රමාණය 80% ක් වුවත් නිලධාරිවාදය සහ බහු අමාත්‍යාංශ මගින් පාලනය වීම නිසා පැමිණිය හැකි ආයෝජකයින් අධෛර්යමත් වන බවත්,මෙම තත්ත්වය විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ ආයෝජකයින්ට බාධා ඇති කරන්නක් බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම මීට අමතරව, ශ්‍රී ලංකාවේ බොහෝමයක් දශක හයකට වඩා පැරණියල් පැනගිය කම්කරු නීති හේතුවෙන් ව්‍යාපාරික නම්‍යශීලීභාවය සීමාවන බවත් මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
මේ අතර, මෙම නීති මගින් අංශ කිහිපයකකාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීම තවදුරටත් ආර්ථික වර්ධනයට බාධාවක් බවද ඔහු සඳහන් කරනවා.
“මෙම ව්‍යුහාත්මක ගැටළු විසඳා නොගතහොත්, විදේශ ආයෝජන සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකාවට අපහසු වනු ඇතැයි” වෝකර් අනතුරු අඟවනවා.
ඉඩම් පාලනය වැඩිදියුණු කිරීම, කම්කරු රෙගුලාසි නවීකරණය කිරීම සහ වඩාත් ආයෝජක හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අතිශය තීරණාත්මක පියවරබව ලෝක බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව පවසනවා.








