ටික් ටොක් තරුවක් ලෙස බොහෝ දෙනා වශී කරන ලද යට රැවුලක් ඇති සුන්දර රූමතිය

රැවුල කියන්නේ පිරිමියෙකුට ඔහුගේ තියෙන කඩවසම් බව හොදින්ම පෙන්නුම කරන දේයක්. පිරිමියෙකු හදුනා ගැනීම සදහා ඔහුගේ රූප ස්භාවය වෙනස් කිරීමට රැවුල මහක් උපකාරි වනවා.
පිරිමින්ට පමණක් අවේණික වු මේ රැවුල ගැහැණියකට පිහිටනවා කියන්නේ එය තරමක් අසාමාන්‍ය දෙයක්. සුන්දර, සුරූපි යුවතියකගේ මුහුණට රුවලක් ආ විට එය කෙසේද යන්න ඔබටම සිතා ගත හැකි වේ.
පිරිමින්ට ආභරණයක් වු රැවුල ගැහැණියකට ආභරණයක් වන අවස්ථා ද නැතුවාම නොවේ යන්න අපි මේ කියන කතාව තුළින් ඔබට පැහැදිලි වේ.
නමුත් ලෝක ඉතිහාසය දෙස බලන විට යම් යම් අවස්ථා වලදී රැවුල් පිහිටා තිබු කාන්තාවන් පිළිබද අසන්නට වාගේම දකින්නටද ලැබෙන අතර අදටත් එවැනි යුවතියන් දැන ගැනීමට හැකි වනවා.
අපි මේ කියනන්ට යන්නේ එවැනි සුවිශේෂි යුවතියක් ගැනයි.අපි මේ කතා කරන යුවතිය වයස අවුරුදු 24 ලාබාල වයසේ සිටින යෞවනියක් වන අතර,
ඇය නමින් හර්නාම් කවුර් වේ
ගිනස් වාර්ථා පොතේ ඇයගේ නම සනිටුහන් වන්නේ ඇය රැවුල වවාගෙන සිටින ළාබාලතම කාන්තාව වීම නිසයි.බොහෝ විට තම රූ සපුව පිළිබද සිතන ගැහැණු ළමයින් තමන්ගේ මුහුණේ සුන්දරත්වය පිළිබද වැඩියෙන් සිතනවා.
නමුත් අපි මේ කියන සුන්දර යුවතිය තමන්ගේ යටි රැවුල වැවීමට කටයුතු කරනු ලබන අතර අද වන විට බොහෝ දෙනාගේ ආකර්ශනයට ඇය ලක් වී සිටිනවා.
ඇය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ චරිතටයක් බවට පත් වන්නේ ටික් ටොක් සමාජ ජාලය ඔස්සේය. අද වන විට ලෝකයාගේ ආකර්ශනය දිනා ගැනීමට යටි රැවුලක් සහිත මේ හර්නාම් කවුර් සමත් වනවා.
විශේෂම කරුණ වන්නේ බොහෝ පිරිමින් ඇයගේ එම නිකටේ යටි රැවුලට බොහෝ සේ ආසා කරන බවයි.








