දේශිය පුවත්

ලාංඡන ගැලවීමට බල කිරීම නීතියට පටහැනියි පොලිස්පති ලැබුණු ලිපිය මෙන්න

ලාංඡන ගැලවීමට බල කිරීම නීතියට පටහැනියි පොලිස්පති ලැබුණු ලිපිය මෙන්න

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ ලාංඡන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලිපියක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය හා සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් යටතේ පොලිස්පතිවරයාට පැහැදිලි කර ඇති අතර නීතිඥවරුන් භාවිත කරන වාහන හඳුනාගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික මෝටර් රථ අවසර පත්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරින් විසින් පිළිගන්නා බවද ලිපිය මගින් දන්වා තිබෙනවා.

2019 පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුවද නීතිඥවරුන්ගේ වාහන හඳුනාගැනීම සඳහා අතිරේක ලේඛනයක් ද නිකුත් කළ බව නීතිඥ සංගමය පවසනවා.

එමෙන්ම නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ගැසට් නිවේදනයක් පදනම් කරගෙන නීතිඥවරුන් හඳුනාගැනීමේ වාහන අවසරපත් ඉවත් කරන ලෙස බලකිරීම නීතියට පටහැනි බවයි.

නමුත් නීතිඥවරුන්ගේ මෝටර්රථවල ඉදිරිපස වීදුරුවේ සඳහන් අවසරපත්‍ර ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර වර්තමානයේ දැනට පවතින තත්ත්වය වෙනස් නොවනු ඇතැයි අපේක්ෂා කරන බවද එම සංගමය ලිපිය මගින් පෙන්වා දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button