උණුසුම් පුවත්සයුරෙන් එහා පුවත්

ණය ගෙවනකන් තියාගත්ත 9 හැවිරිදි දරුවා මියයයි.. සද්ද නැතුව වල දාලා – අවසානයේ පොලිසිය දරුවා සොයාගත් තැන

වහල් සේවයේ යෙදවූ බාලවයස්කාර පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට

බාලවයස්කාර පිරිමි ළමයෙකු වහල් සේවකයෙකු ලෙස තබාගෙන සිටියදී මියයාමේ චෝදනාවට තාරා ගොවිපොළ හිමියෙකු සමග ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඉන්දීය, ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රදේශයේ, තිරුපති දිස්ත්‍රික්කයේයි.

එම අවුරුදු 9ක පිරිමි ළමයෙකු රුපියල් 25,000 ක ණයක් ආපසු ගෙවන තෙක් ඇපකරයක් වශයෙන් තබාගෙන සිටි බවත් එහිදී සෙංගමාලය හේතුවෙන් දරුවා මිය ගිය බවත් අනාවරණය වී ඇත.

එමෙන්ම ‍රහසේම දරුවාගේ සිරුර භූමදාන කළ බවටද චෝදනා එල්ල වන අතර මියගිය පිරිමි ළමයාගේ මව අනකම්මා, නැමැත්තියක් වන අතර ඇය සැමියා සමග සැකකරුවන්ට අයත් ගොවිපොළේ සේවය කර තිබෙනවා.

මියගිය දරුවාගේ මව ගොවිපොළ හිමියාගෙන් රු. 25,000ක් ණයට ලබාගෙන තිබෙන අතර ආර්ථික අපහසුතා නිසා වැටුප් වැඩි කරන ලෙස ද ඉල්ලමක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් වැටුප් වැඩි නොවන නිසා ඇය එම ස්ථානයෙන් ඉවත් වීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ගොවිපොළ හිමිකරු සිය මුදල සහ පොලිය වශයෙන් රු 42,000ක් ඉල්ලා ඇති බවත් එය ලබාදෙන තෙක් දරුවා තබා ගන්නා බවත් පවසා ඇත.

අනතුරුව අදාල මුදල් ආපසු ලබා දීම සඳහා විත්තිකරු අමතා ඇගේ පුතා සිටින ස්ථානය දැන ගැනීමට උත්සාහ කළ විට සැකකරු දිගින් දිගටම එය මග හැර ඇති අතර ඒ අනූවයි දරුවාගේ මව තිරුපති පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ.

එහිදී වෙන්කටේෂ් නම් 9 හැවිරිදි පිරිමි ළමයා මිය ගොස් ඇති බවත්, ඔහුගේ සිරුර කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව වළලනු ලැබ ඇති බවත් සොයා ගැනුණු අතර දරුවාගේ මව අවසන් වරට දරුවාට කතා කළේ අප්‍රේල් 15 වන දින බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පසු දිනෙක ඇයට සැකකරු කියා ඇත්තේ පිරිමි ළමයා තමිල්නාඩුවේ කාංචිපුරම් වෙත ගිය බවත් එහිදී අසනීප වී රෝහල් ගත කර ඇති බවයි.

නමුත් ඔහු පලා ගොස් ඇති බව පැවසූ බවයි පොලිසිය පැමිණිල්ල උපුටා දක්වමින් පවසන්නේ.

මේ අතර විමර්ශනයේදී, පිරිමි ළමයා මිය ගොස් ඇති බවත් රහසිගතව කාංචිපුරම් හි වළ දමා ඇති බව පොලිසිය සොයා ගැනුණු අතර වෙන්කටේෂ්ගේ දේහය මැයි 21 වැනිදා තිරුපති සහ කාංචිපුරම් පොලිසියේ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව පාලි ගඟ අසලින් සිරුර ගොඩගෙන තිබෙනවා.

අනතුරුව මූලික පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු සෙංගමාලයෙන් මිය ගිය බව තහවුරු වී බවත්, ශරීරයේ තැලීම් කිහිපයක් ඇති බවත්ය.

කෙසේ වෙතත් මරණයට නිශ්චිත හේතුව දැන ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතුරු බලා සිටින බව පොලිසිය සඳහන් කරන අතර එතෙක් සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට යවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button