පවතින තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න ආර්ථික, මානසික තත්ත්වයක් නැහැ

වසර කිහිපයක් පුරා ජනතා ආකර්ෂණය දිනා ගනිමින් ජනප්‍රියම නිළියට හිමි සම්මානය පවා වසර කිහිපයක් පුරා දිනා ගැනීමට සමත් වු අපේ රටේ ප්‍රේක්ෂකයා අතර අතිෂයින්ම ආදරය දිනා ගත් සුන්දර සුරූපි රංගන ශිල්පිනියක් වශයෙන් නයනතාරා වික්රමාරච්චි හදුන්වන්නට පුළුවන්.
දෙරණ නාලිකාවේ විකාශය වන දෙවන ඉනිම කතා මාලාවේ දෙව්මිගේ චරිතය නිරුපණය කරමින් ඇය ලබා ගත් ප්රේක්ෂක ආදරය කිසිම අඩුවක් නැතිව අදටත් ඇයට හිමි වනවා.
මේ නිසාම අද වන විට ඇය ගැන නොදන්නා කෙනෙකු නොමැති තරමට ඇය තමන්ගේ ජනප්රියත්ව නිර්මාණය කරගෙන අවසන්ය. ඇය සතු සුන්දර රූ සපුව නිසාත් නිරහංකාර රංගන ශිල්පිනියක් නිසා ඇයට කගෙත් ආදරය නිතැතින්ම හිමි වේ.
අද වන විට වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වුවත් නයනතාරා ව්‍යාපාර කළමනාකරණය ගැන උසස් අධ්‍යාපනය ලබන තරුණියක් වේ. දෙවනි ඉනිම කතා මාලාවෙන් කාලයක් දැක ගැනීමට හැකි වු ඇය මේ වන විට ප්රේක්ෂකයා ආදරයෙන් නරඹන තවත් ටෙලි නාට්යයක් වන පියාඹන මූනිස්සම් ටෙලිනාට්ය ඔස්සේ ද ඇයගේ රංගන හැකියාවන් දැක ගැනීමට හැකි වනවා.
ටෙලි නාට්ය වලට අමතරව මේ වන විට සිනමා නිර්මාණ කිහිපයකටද සහභාගි වී සිටින ඇයගේ සිනමා රංගනයන් ඉදිරියේදි ප්රේක්ෂකයාට දැක ගැනීමට හැකි වේ.
නමුත් ඒ පිළිබද අදහස් දක්වමින් ඇය කියා සිටියේ රටේ පවතින තත්වය හමුවේ එවැනි නිර්මාණ නැරඹීමට මානසික තත්වයක් මේ වන විට රටේ ජනතාවට නොමැති බවත් ඒ නිසා සියල්ල අවහිර වී ඇති බවත් ඉදිරි කායේදි ඒවා දැක බලා ගැනීමට හැකි බවත්ය.
කා අතරත් ජනප්රිය ආදරය ඉහළින් දිනා ගත් සුන්දර යුවැත්තියක් වන නැතිනම් දෙව්මිට ඉදිරි කලා කටයුතු හා අධ්යාපන කටයුතු ආදරයෙන් කරගෙන යාමට හැකි වේවා යැයි අපි ඇයට ප්රාර්ථනා කරමු.








