උණුසුම් පුවත්ගොසිප් පුවත්

පුෂ්පිකා චන්දිමාල්ට එරෙහිව නැවතත් වැඩ අරඹයි

චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ දක්ෂ ,ජනප්රිය රූපලාවණ්ය ශිල්පියෙකු බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ.

නිරන්තරයෙන් සමාජ මාධ්යන් තුල කතාබහට ලක්වන, පුවත් මවන පුද්ගලයකු වන ඔහුගේ උපන් දින සාදයෙන් පසු ව ඔහු පිළිබඳව පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ පුෂ්පිකා ද සිල්වා නිසයි.

2021 වර්ෂය ලෝක විවාහක රූ රැජින තරඟාවලිය ශ්රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකාරිය ඇය බවත් එදින එහි සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම ද මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ.

එහි සංවිධායක ලෙස කටයුතු කළ රූපලාවන්ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හට මේ වෙනකොට ගල්කිස්ස අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඉදිරිපත් කර ඇති අතර

එයට හේතුව 2021 විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ පුෂ්පිකා ද සිල්වා හට හිමි වූ පසුව සිදුවු ආන්දෝලනාත්මක සිදුවීම නිසා පුෂ්පිකා හට හිමි වූ කිරුළත්

මිස් ශ්රී ලංකා සන්නාමයත් චන්දිමාල් විසින් පුෂ්පිකා හට අහිමි කිරීම නිසා ඇයට සිදු වූ අපකීර්තිය මත ඇය තම නීතිඥයින් මාර්ගයෙන් චන්දිමාල් හට ලිපියක් යොමු කළ ද එයට ඔහුගෙන් ප්රතිචාර නොමැති වූ නිසා පුෂ්පිකා විසින් චන්දිමාල් හට නඩුවක් පැවරීම නිසයි.

ඒ පිළිබඳව ඇය විටින් විට තම මුහුණු පොතේ ද ලිපි පළ කර තිබෙනු ඔබ දකින්නට ඇති. කෙසේ නමුත් ඇය පසුගිය දිනවල ඇයගේ පරාජය කුමන්ත්රණයක් බවත්,

එයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රෝසි සේනානායක මහත්මියත් චන්දිමාල් ජයසිංහත් බව තරයේ ප්රකාශ කර තිබු අතර එබැවින් චන්දිමාල් විසින් පුෂ්පිකා ගේ කිරුළත් මිස් ශ්රී ලංකා සන්නාමය භාවිතා කිරීමත් සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබුවා.

පසුව ඔහු විසින් සම්බන්ධ වුණු වැඩසටහන් ඔස්සේ ප්රකාශ කර තිබුණේ පුෂ්පිකා විසින් සිදු කළ ප්රකාශයන් සියල්ල අසත්ය බවත්, ඇයට දේශපාලනඥයෙකු සමග සමීප සම්බන්ධතා තිබෙන බවටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button