
මේ දිනවල විකාශය වන බොහෝ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින ටෙලි නිර්මාණයක් තමයි “කියා දෙන්න ආදරේ තරම්” කියල කියන්නේ.
එහි එන බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චරිතයන් අතර “ස්නේහා” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමිවනවා.
ඉතින් “ස්නේහා” ට ජීවය එක් කරන්නේ නව පරපුරේ සිටින වැඩිම ප්‍රේක්ෂක ආදරයක්, ජනප්‍රියත්වයක් දිනා සිටින සුරූපි ,යොවුන්, අතිදක්ෂ රංගන ශිල්පිනී ශලනි තාරකා විසිනුයි.
මේ දිනවල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්ව තිබෙන ඇය වැඩි වශයෙන් ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වී තිබෙන,ඒකාකාරී චරිතයන්ට කොටු නොවී විවිධාකාර වූ චරිතයක් තුළින් ප්‍රේක්ෂකයින් පිනවූ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
එයට ඇයගේ ඇති රංගන දක්ෂතාවය, ජනප්‍රියත්වය මෙන්ම සුරූපී රුව ද බෙහෙවින් ඉවහල් වී තිබෙනවා.
ටෙලි නිර්මාණ, සිනමා නිර්මාණ ,ගීත රූප රචනා මෙන්ම වෙළඳ දැන්වීම් ද රාශියකට තම රංගන දායකත්වය එක්කර ඇති ඇය සම්මාන උළෙලයන් ගණනාවක් තුළ විවිධ කැටකරීස් තුළින් සම්මානයන් රාශියක් දිනා සිටින සම්මානනීය රංගන ශිල්පිනියක් බව ඔබත් දන්නා කරුණක්.
ඒ වගේම ඇය මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියතම රංගන ශිල්පිනියට මෙන්ම තවත් සම්මාන උළෙලක සම්මානයන් කිහිපයකටම නිර්දේශ වී ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.
ඒ වගේම “Slim kantar people’s” සම්මාන උළෙලේ “තාරුන්‍යයේ තේරීම” සම්මානයටද ඇයව නිර්දේශ වී තිබෙනවා.

එමෙන්ම එම සම්මාන උළෙලේ ම “වසරේ නිළිය” සම්මානයට ද ශලනි මෙන්ම සිනමාවේ නිළි රැජිනිය මාලිනී ෆොන්සේකා මහත්මියද නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.
ඉතින් බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින මේ සුරූපී, සම්මානනීය රංගන ශිල්පිනිය ශලනි තාරකාගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.








