ගොසිප් පුවත්

ලංකාවම වසඟයට ගත් ත්‍රිකලා ධරණි සල්ලි හො’යන විදිහ ගැන කීවේ මෙහෙමයි

ත්‍රිකලා ධරණි කියලා කිව්වම මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඇයටත් වැඩිය ඇයගේ සුඛෝපභෝගී රෝස පැහැති මෝටර් රථය ජනප්‍රියයි ,ප්‍රසිද්ධයි කිව්වොත් මම හරි.

එයට හේතුව මේ වන විට ලංකාවේ ඇති එවැනි ,එම පැහැති එකම මෝටර් රථය ඇය සතු වීමයි. ඒ වගේම මේ සුරූපී, යොවුන් නිරූපන ශිල්පිනිය මේ වන විට ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයින් අතරට ද එක්වනවා.

ඉතින් මේ තරම් කුඩා වයසකදී එතරම් සාර්ථකත්වයක් ,දියුණුවක් ලබා ගැනීමට හේතුව ඇය කිසිදා කාලය අපතේ නොයවා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් නිසා බවයි ඇය කියා සිටියේ.

ඒ වගේම පසුගිය දිනක ජනප්‍රිය ,ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් ඇයගේ කුඩා වයසට මෙතරම් දියුණුවක් ලැබීමේ රහස පිළිබඳව විමසා ඇති අතර,

ත්‍රිකළා කියා තිබුණේ මුදල් හම්බ කලත් කාලය හම්බ කළ නොහැකි නිසා කාලය නාස්ති නොකර කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් බවත්,

ලංකාවේ බොහෝ තරුණ තරුණියන් O/L,A/L ඉවරවෙලා මාස ගණන් ගෙදර කාලේ නාස්ති කරන බවත් හොඳ රැකියාවක් ලැබෙනකම් ඔහේ කාලය විනාස කරන බවත්,

ඇය අසනීපයක් වූ විට හැරෙන්නට නිකරුනේ ප්‍රයෝජනයක් නොමැති ව කිසිදා කාලය අපතේ නොයවා ඇති බවත්, ඇයගේ සාර්ථකත්වයේ දියුණුවේ රහස එය බවයි.

ඒ වගේම ඇයව motivation කළ ඇපල් සමාගමේ හිමිකරු ඇයට කියා තිබූ කතාවක් මේ අවස්ථාවේ ඇය ප්‍රකාශ කර තිබුණා එය මෙසේයි “කාලය සීමිතයි.! තව කෙනෙක්ගේ ජීවිතය තුළ ජීවත් වෙමින් ඔබේ සහ ඒ කෙනාගෙ කාලය නාස්ති නොකරන්න.

කාලය ගෙවෙන එක නවත්තන්න බැහැ හැබැයි ගෙවන කාලය උපරිම ප්‍රයෝජනවත් ලෙස හසුරුවා ගන්න පුළුවන්.” ලෙසයි. ඉතින් ඇයගේ ජීවිත කතාවෙන් වර්තමාන තරුණ පරපුරට ලබා ගැනීමට බොහෝ ආදර්ශයන් තිබෙනවා.

නිදහසට හේතු කාරණා නොපවසා, අන් අය මත වැරදි පටවමින් ජීවිතය නොගෙවා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් සාර්ථකත්වයට යන ගමන් මාර්ගය තමා විසින්ම සාදා ගන්නා ලෙසයි ඇය කියා සිටින්නේ. ඉතින් මේ සුරූපී තාරකාවියට අපි සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button