අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

කළා තරුත් එක්ක රුවන් හෙට්ටිආරච්චි උපන්දිනය සැමරූ හැටි

සීතමාරුතේ, සුරංගනාවී මගේ, රැවටුනු තරම්, නොදැනුවත්කමට, මේ තරම් ආදරේ, දුකම විඳලා, නොදැක ඉන්න බෑ…. වැනි සුවහසක් රසික සිත් තුළ ලැගුම් ගැනීමට සමත් ගීත රාශියකට හිමිකම් කියන යෞවනයේ ගායකයා ඔහුයි.

ඔහු ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ,සිත් සුවපත් කළ හැකි ආදරණීය කටහඬකට උරුමකම් කියන ඔහු නව පරපුරේ අති දක්ෂ ,ජනප්‍රිය, කඩවසම් ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි ය.

යොවුන්, සුරූපි, ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ෂෙරිල් රොමේන් ඩෙකර් සමග සුන්දර, ආදරණීය යුග දිවියක් ගත කරන ඔහු ඉතා සරල ගති පැවතුම් ඇති, නිහතමානී, පොළොවේ පයගසා ජීවත්වන ගායන ශිල්පියකු බව කවුරුත් පිළිගන්නා දෙයක්.

එදා මෙදා තුර ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායන ශිල්පියෙකු වන රුවන් ගේ ගීතයන් වල රූප රචනා සඳහා වැඩි වශයෙන් රංගනයෙන් දායක කරගෙන තිබෙන්නේ ඔහුගේ සුරූපී බිරිඳ වන ෂෙරිල් ව බව ඔබත් දන්නවා ඇති.

එයට හේතුව ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම මනා රූ සපුවකින් යුක්ත වීම කිව්වොත් නිවැරදියි. ඉතින් පසුගිය දිනක මේ ආදරණීය ගායන ශිල්පියා තම නෑදෑ හිතමිතුරන්, යහළු යෙහෙළියන් ද සමඟ තම ජන්ම දිනය සමරා තිබෙනු අපට දක්නට ලැබුණා.

ඉතින් ඔහුගේ ජන්ම දිනයට මෙන්ම ඉදිරියටත් මෙ ලෙසට ම ප්‍රේක්ෂක සිත් ගීතයෙන් සුවපත් කිරීමට අපි ඔහුට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button