උණුසුම් පුවත්ගොසිප් පුවත්

මගේ බෝයි ව කාටවත් පෙන්නන්නේ නෑ එයාගේ පින්තුරයක් දාලා නෑ

පියුමි හංසමාලි කියලා කියන්නේ පිරිසකගේ ආදරයටත් ,තවත් පිරිසකගේ විවේචනයටත් ලක් ව සිටින අතිදක්ෂ, සුරූපී, සරාගී රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියකුයි.

ටෙලි නිර්මාණයන්ගෙන්, සිනමා නිර්මාණයන් ගෙන් වැඩි වශයෙන් දක්නට නොලැබුණත් ගීත රූප රචනා මගින් දක්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යන්තුළ නිතර දක්නට ලැබෙන, කතා බහට ලක්වන, පුවත් මවන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

වයස අවුරුදු දහනවයක් වැනි යොවුන් වියේදී පුතකුට ජීවය දෙන ඇය පසුව විවාහයෙන් නීතියෙන් වෙන්ව මේ වන විට තම ආදරණීය පුතු ද තනිව හදා වඩා ගනිමින් ජීවිතයට මුහුණ දෙන දිරිය මවක බව නොදන්න කෙනෙක් නැහැ.

කුඩා අවධියේ සිට බොහෝ දුක් ගැහැට විද මේ වන විට ජීවිතය ජයගෙන ඇති ඇය පවසන්නේ ඇයව විවේචනය කරන බහුතරයක් කාන්තාවන් බවයි.

ඉතින් ඒ පිළිබඳව ඇය කියා සිටියේ කිසිම කෙනෙකුට වරදක් කර නැති, තමන්ගේ ජීවිතය විදිමින් ,සතුටින් ජීවත් වන ඇයගේ සතුට දැක දරාගත නොහැකි ඉරිසියාකාර කුහක පුද්ගලයින් ඇයට දොස් නගන බවයි.

ඒ වගේම කෙලින් කතා කරන, පෞරුෂයක් සහිත ගැහැණියක වන ඇයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමිව තිබෙන්නේ ඇය ඇති කෙලින් කතා කිරීමේ ගුණය නිසා කිව්වොත් නිවැරදි.

ඉතින් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබෙන අලුත්ම පුවත තමයි පියුමි පෙම්වතියක වී ඇති බව. ඒ වගේම ඒ පිළිබඳව ඇය කියා සිටියේ බහුතරයක් සිටින කුහක ජනතාව නිසා ඔහු පිළිබඳව දැන්මම ප්‍රකාශ නොකරන බවත්,

විවාහ ඡායාරූපයකින් ම හඳුන්වා දෙන බවයි. කෙසේ නමුත් එම පුවතේ සත්‍යතාවයක් ඇත්නම් ඇයගේ ඉදිරි නව ජීවිතය වෙනුවෙන් ඇයට සුභාශිංශන එක් කර සිටින්නත් අපි අමතක කරන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button