රවීන් අයියා කරපු උදවු හැමදාම මගේ මතකයේ තියෙනවා, ශලනි ප්‍රනාන්දු

දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳ රංගන ක්ෂේත්‍රයට පා තබන ඇය රංගනයෙන් දායක වන පළමු නිර්මාණයෙන් ම රටක් හඳුනාගනු, වැළඳ ගනු ලබනවා.
මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන “දෙවෙනි ඉනිමෙි” “චූටි මැණිකේ” එහෙමත් නැත්නම් “ළිහිණි” ලෙස වඩාත් ජනාදරයට පාත්‍ර වී සිටින ඇය නව පරපුරේ සිටින දක්ෂ, ජනප්‍රිය, සුරූපී,නවක රංගන ශිල්පිනියක වන ශලනි ප්‍රනාන්දු යි.
“දෙවෙනි ඉනිම” හරහා රංගනයට පා තබන ඇය ඉන්පසු ටෙලි නිර්මාණ මෙන්ම ටෙලි සිනමා ඔස්සේද වැඩි වශයෙන් දක්නට ලැබුණු රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
මව ,පියා සහ වැඩිමල් සොහොයුරෙකු ගෙන් යුත් පවුලේ එකම දියණිය ලෙස දැඩි නීති රීති ,රැකවරණය මැද හැදී වැඩී ඇති ශලනි කියා සිටියේ ඇයට වයස අවුරුදු හතරක් වැඩි ඉතා කුඩා අවධියේ පිය සෙනෙහස අහිමි වූ බවත් ,
ඉන් පසුව ඇයව රැකබලා ගනු ලැබුවේ මව හා වැඩිමල් සොහොයුරා විසින් බවයි. උදෑසන පාසලටත්, පාසලේ සිට නිවෙසටත් නිතරම ඇය පසුපසින් ඇගේ වැඩිමල් සොහොයුරා ඇයට රැකවරණය සැපයූ බවත්,
පාසලේ බැජ් පාටියට වත් යෑමට අවසර නොලැබුණු බවයි ඇය කියා සිටියේ.
ඒ අතර ඇයට වයස අවුරුදු දහසයක් වැනි යොවුන් වියේදී ඇයගේ පුංචි අම්මා විසින් ඇයටත් හොරෙන් අවුරුදු කුමරිය වැඩසටහනට අයදුම් පත්‍රයක් යොමු කරන්නේ ශලනිට උපතින්ම උරුමව තිබූ සුරූපී රුව නිසයි.
අකමැත්තෙන්, හඩමින් තරගය සඳහා සහභාගි වුවත් අවසන් දොළොස් දෙනා අතරට තේරී පත් වීමත් සමඟ උත්තේජනයක් ලබමින් කුඩා කල නොලැබුණු නිදහස භුක්ති විඳිමින් තටගයට සහභාගි වී සිටි අනෙකුත් තරගකාරියන් ද සමඟ සතුටින්, විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබුණු බවයි ශලනි කියා සිටියේ.
කුඩා කල සිට රංගනයට දායක වීමට අදහසක් හිතේ කොනකවත් නොතිබුණු ඇයගේ සිහිනය වී ඇත්තේ “fashion designer” කෙනෙක් වීමට බවත්, ඒ සඳහා බොහෝ දේ ඉගෙන ගත් බවයි ශලනි කියා සිටියේ.
කෙසේ නමුත් ඉතා අහඹු ලෙස ඇය පාසල් කාලයේ සිට ආසාවෙන් නැරඹූ “දෙවෙනි ඉනිම”ටෙලි නිර්මාණයට සහ එහි ප්‍රිය කළ රංගන ශිල්පියා රවීන් කනිෂ්ක සමග රංගනයෙන් දායකවීමට ලැබීම ගැන බොහෝ සතුටු වන ශලනි ගේ දිවියේ “දෙවනි ඉනිම” ටෙලි නිර්මාණය හැරවුම් ලක්ෂයක් වූවා කිව්වොත් නිවැරදියි.
ඒ වගේම නවක රංගන ශිල්පිනියක ලෙස සම්බන්ධ වූ ඇයට එහි රංගනයෙන් දායක වූ සියලුම රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගෙන් වගේම රවීන් ගෙන් ද විශාල සහයක් ලැබුණ බවත් ,
එදින ඔහු හා ලබා ගත් ඡායාරූපය අදටත් සුරක්ෂිතව ඇය ළඟ තිබෙන බවයි තවදුරටත් ඇය කියා සිටියේ.
ඉතින් සුවහසක් රසික සිත් සොරාගත් මේ සුරූපී, අවිහිංසක, නවක රංගන ශිල්පිනියගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක් කරන්නත් අමතක කරන්නේ නැහැ.








